කොළඹ මහ රෝහලේ විස බීජ නාශක එන්නතක අපද්‍රව්‍ය
සන්ධ්‍යා කරුණාරත්න
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් සඳහා භාවිතා කරන ස්ලූකැනසෝල් (Slucanazole) නමැති විස බීජ නාශක එන්නතේ වීදුරු කුඩු වැනි අපද්‍රව්‍යයක් තිබී හමු වූ බවට එහි විශේෂඥ වෛද්‍යවරු චෝදනා කරති. රෝගීන්ගේ රුධිරයේ පුස් වැනි විසබීජ නැසීම සඳහා මේ එන්නත භාවිතා කෙරේ.
රෝගීන් සඳහා ලබාදෙන නික්ෂේපණ හා එන්නත්වල තිබී පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීත් අපද්‍රව්‍ය තිබී හමුවන බවට වෛද්‍යවරු චෝදනා කරති. ඒ අනුව ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නම් මේ ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි බව ද එම සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසයි.
ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ සඳහන් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීම මේ ප්‍රතිපත්තිය මඟින් සිදු කළ හැකි බවත් ඒ නිසා නොපමාව මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
http://www.dinamina.lk/2011/11/14/_art.asp?fn=n1111148
එන්නත් කුප්පියෙන් වීදුරු කැබලි මතුවෙයි
ඒමන්ති මාරඹේ
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ රෝගීන් සඳහා ලබාදෙන ෆුලුකැනසෝල් අයි වී එන්නත් දියර කුප්පියක තිබී වීදුරු කැබලි කීපයක් ඊයේ (13 වැනිදා) සොයාගෙන ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම වීදුරු කැබලි අඩංගු එන්නත් දියර කුප්පිය පරීක්‍ෂණ සඳහා ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යවා ඇති අතර, එම එන්නත් කුප්පිය අයත් 382213 දරන කාණ්‌ඩයට අයත් එන්නත් දියර කුප්පි තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ආසාදනයන් සඳහා ලබාදෙන මෙම ෆුලුකැනසෝල් අයි. වී. එන්නත් දියර කුප්පි ඉන්දියාවේ අහමදාබාද් හි චවාර්වාඩි ප්‍රදේශයේ පිහිටි බෙහෙත් සමාගමකින් ආනයනය කර ඇති ඒවා බව අනාවරණය වී තිබේ.
http://www.divaina.com/2011/11/14/news08.html
No comments:
Post a Comment