සිතාරා සේනානි
පරන්තන් රසායනික සමාගම පසුගිය මාස නවයක කාලය ඇතුළත රුපියල් මිලියන පහළොවක ශුද්ධ ලාභයක් උපයා ගෙන තිබේ.
ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා, හයිඩ්‍රොක්ලෝරික් අම්ල ආනයනය කැර විකිණිම එම සමාගම දැනට සිදු කරයි.
රුපියල් මිලියන 140ක අලෙවියක් මඟින් එකී ලාභය උපයා ගැනීමට සමාගම සමත්ව තිබේ.
තිස්වසරක ත්‍රස්තවාදය හේතුවෙන් විනාශයට පත්වූ පරන්තන් රසායනික කම්හල යළි ඇරැඹීම සමබන්ධයෙන් කළ විමසුමකදී රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි‍්‍රත තිසේරා මහතා මේ කරුණු අනාවරණය කෙළේය.
1954දී ආරම්භ කළ මේ ආයතනය පසුගිය වසර තිහ ඇතුළත මෙවැනි ලාභදායි ආයතන ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට විශාල සංවර්ධනයක් ඇති වීමට ඉඩ තිබූ බවද කීවේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම මත මෙවැනි ආයතන නැවත ගොඩනැඟිමට හැකියාව ලැබෙමින් පවතින බවත්, හැකි ඉක්මනින් පරන්තන් කම්හල ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් කීවේය.
http://www.dinamina.lk/2011/11/14/_art.asp?fn=n11111412
No comments:
Post a Comment