රක්ෂණ ශි‍්‍රයන්ත
විශේෂ කාර්ය බළකාය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව පසුගියදා (11) කරන ලද වැටලීමකදී අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසළ තේ කිලෝග්‍රෑම් අසූහයදහස් තුන්සිය අසූහතරක් හා එයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ගලිගඑළිය කොටුගොඩ තවත් ගබඩාවක තිබී කසළ තේ කිලෝග්‍රෑම් 17224 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව එම සැකකරුගේ ප්‍රකාශයකට අනුව කසළ තේ අපනයනය කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන කොළඹ, එන්. එම්. පෙරේරා මාවතේ ස්ථානයක් වටලා එම ස්ථානය භාරව සිටි පුද්ගලයෙකු හා රබර් මුද්‍රා 28 ක් ද, සාදා නිමකරන ලද ලිපි ලේඛන රැසක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව නිදහස් කර ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින ලෙස ඔවුන්ට දන්වා ඇත. අත්අඩංගුවට ගත් කසළ තේ එම ස්ථානයේම ගබඩාවල සීල් තබා ඇත.
No comments:
Post a Comment