Monday, November 14, 2011

රජයේ නිලධාරිහු දෙදෙනෙක්‌ එක්‌වී වසර 500 ක්‌ පැරණි කුඹුක්‌ ගසක්‌ හොරෙන් කපලා

සීගිරිය විශේෂ

පළුගස්‌වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු සහ ග්‍රාමසේවා නිලධාරියකු එක්‌ව හබරන හිරිවඩුන්න යාන්ඔය රක්‍ෂිතයේ තිබූ වසර 500 කට වඩා පැරැණි දැවැන්ත කුඹුක්‌ ගසක්‌ අනවසරයෙන් කපා දමා ලොරි දෙකක රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති.

හබරන නගරයේ ග්‍රාමසේවා පියස නම් වූ ගොඩනැගිල්ලක දැව අවශ්‍යතාවන් සඳහා යෑයි පවසමින් දින පහක්‌ තිස්‌සේ යාන්ත්‍රික කියත් දෙකක්‌ උපයෝගී කරගෙන දැව ඉරා ඇත. ප්‍රදේශවාසීන් විසින් වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ ජනාධිපති විමර්ශන ඒකකයට කළ දැනුම් දීමක්‌ මත හබරන වන සංරක්‍ෂණ නිලධාරීන් විසින් 11 දා සිද්ධිය වූ ස්‌ථානයේ තිබී ඉරූ දැව කැබලි 47 ක්‌ අත්අඩංගුවට ගෙන අඩක්‌ ඉරූ දැව කඳන්වලට මුද්‍රd තබා ඇත.

මේ සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

http://www.divaina.com/2011/11/14/news15.html

No comments:

Post a Comment