මහියංගන අතිරේක - රංජිත් කරුණාවීර
මහියංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සොරබොර ජනපදයේ නිවාස 8 ක් ඊයේ රාත්‍රි (13 දා) වන අලින් විසින් කඩා විනාශකර ඇත. සොරබොර ජනපදයේ කෝරුප්ප සහ පන්වලපිටිය යන ප්‍රදේශයේ නිවාස 8 ක් මෙලෙස විනාශකර දමා ඇත. සෑම නිවසකම ගබඩාකර දමා තිබූ වී ගෝනි අලි විසින් කාදමා ඇත.
වන අලි 5 දෙනෙක් 13 වන දින රාත්‍රියේ සොරබොර ජනපදය පුරා ඇවිදිමින් නිවාස, දේපළ වගා විනාශ කර ඇත. මහියංගනය පුරාවට මේ දිනවල උග්‍ර ලෙස වන අලි හානි සිදුවන අතර එමගින් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ලකර ඇත. කෝරුප් ප්‍රදේශයේ සහ පන්වලපිටිය ප්‍රදේශයේ විනාශ කර දමා තිබූ සියලු නිවාසවලට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇත.
මීට දින කිහිපයකට පෙර ඉවසා දරාගත නොහැකි අන්තිම අවස්‌ථාවේදී මාපාකඩ සියලු ජනතාව එක්‌ව බලධාරීන්ගේ දැස් විවර කරදී මේ වන අලි කරදරය කඩිනමින් ඉවත්කර දෙතැයි බලාපොරොත්තු-වෙන් මාපාකඩ විද්‍යාලය ඉදිරිපිටදී බිබිල මහියංගන මාර්ගය අවහිර කරමින් පැය 3 ක් මහා මාර්ගයේ ගමනාගමනය නවතාලමින් දැවැන්ත උද්ඝෝෂණ විරෝධතාවයක් පවත්වන ලදි.
එම විරෝධතාවයට පැමිණි මධ්‍යම පළාත් වන ජීවී කාර්යාලය මිනිපේ වැඩබලන වනජීවී අධ්‍යක්‍ෂකවර ඡේ. යූ. සාරංග මහතා ප්‍රකාශ කර සිටියේ ජනතාව සමග සාකච්ඡා කර වන අලි උවදුරට කඩිනමින් විසඳුම් දෙන බවයි. මීට පෙර එනම් 2011.06.13 වන දින එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා මහියංගනයේ වන අලි හානි මාධ්‍ය තුළින් දැක ඒවා නිරීක්‍ෂණයට සහ නිලධාරීන් යොදවා ඒවා අවම කර දීමට මහියංගනයට පැමිණි අවස්‌ථාවේදීත් මේ ආකාරයෙන්ම ජනතාව ඉදිරියේ පොරොන්දු පමණක් ලබාදී ගොස් ඇත. අද වන තුරු එම පොරොන්දු ඉටුවී නැති බව මහියංගන ජනතාව පවසති.
2011.10.06 දින නගරගම්මන මුස්‌ලිම් ජාතිකයෙකුගේ ජීවිතයක්‌ද, 2011.10.30 මාපාකඩ ඇඟළුම් කම්හල් සේවිකාවක් රැකියාව සඳහා උදැසන පිටව යන මොහොතේදී වන අලි ප්‍රහාරයකට ලක්‌වී ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.
එදාවේල දුක් මහන්සියෙන් ගොවිතැනින් ජීවිතය ගැටගසා ගන්නා අසරන ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් මහියංගනය පුරා ජීවත්වේ. වන අලි උවදුර නිසා මහියංගන ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට විශාල ගැටළු රාශියක් එල්ලවී ඇත.
උදේ 9.00 වන විටත් වගකිවයුතු නිලධාරියෙක් සිදුවූ හානි නිරීක්‍ෂණයට පැමිණ නැති බව ජනතාව ප්‍රකාශකර සිටියහ. ග්‍රාම නිලධාරීවරයාට මේ පිළිබඳ දැනුම්දුන්නද ඔහුට කළ හැකි දෙයක් නොමැති බව ප්‍රකාශ කළ බවත් ඔහු උදැසන 9.00 වන තුරුත් එම හානි සිදුවූ ස්‌ථාන බැලීමට නොපැමිණි බවත් ජනතාව චෝදනා කරයි. මේ පිළිබඳ රජයේ නිලධාරීන් හරිහැටි වගකීමක් අරගෙන කටයුතු නොකරන බවත් වනජීවී නිලධාරීන් ඔහුගේ රාජකාරිය ඉටුනොකිරීමෙන් දුක් මහන්සියෙන් හරි හම්බ කළ දේපළ. උපයාගත් ධනය වන්දියක් ලෙස අලියන්ට පුදන්නට ජනතාවට සිදුව ඇතැයි ජනතාව චෝදනා කරති.
http://www.divaina.com/2011/11/15/provin07.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment