ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
මගීන්ට සුව පහසුව හා ගුණාත්මක ප්‍රවාහනයක් සහතික කිරීම් වස් බස්‌නාහිර පළාත තුළ දැනට ධාවනයේ යෙදෙන වසර දහයක් හෝ ඊට වඩා පැරණි බස් රථවල තත්ත්වය පරීක්‌ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ආරම්භ කර තිබේ.
මෙහිදී බස්‌රථය ඇතුළත ආසනවල තත්ත්වය ඇතුළු සියලු පහසුකම් ප්‍රමිතියට අනුකූලව තිබේදැයි පරීක්‌ෂාවට ලක් කෙරෙන අතර බාහිර වශයෙන් බස් රථයේ පෙනුම හා ටයර්වල තත්ත්වය ආදියද පරීක්‌ෂා කෙරේ.
ඇතැම් බස් රථවල ඇතුළත තත්ත්වය පිළිබඳව ලැබෙන පැමිණිලි සලකා බලා මෙම පරීක්‌ෂාව සිදු කිරීමට කටයුතු කර තිබේ. පරීක්‌ෂණයේදී හෙළිවන සුළු අඩුපාඩු සකස් කරගැනීම පිණිස බස් හිමියාට සති දෙකක පමණ කාලයක් ලබාදීමට තීරණය කර ඇති අතර බරපතළ දෝෂ හා අඩුපාඩු සහිත බස් රථවල බලපත්‍ර අත්හිටුවා ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබේ.
විශ්‍රාමලත් යාන්ත්‍රික ඉංජිනේරුවකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් මෙම පරීක්‌ෂණ කටයුතු සිදු කෙරෙන අතර පරීක්‌ෂණයෙන් අනතුරුව බස් රථය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන වාර්තාව මත ඉදිරි පියවර තීරණය කෙරේ.
දෛනික ධාවන කටයුතුවලට බාධාවක් නොවන පරිදි ප්‍රදේශ වශයෙන් බස් රථ එක් ස්‌ථානයකට ගෙන්වාගෙන පරීක්‌ෂණ පැවැත්වීමට ප්‍රවාහන අධිකාරිය කටයුතු සකස් කර තිබේ.
http://www.divaina.com/2011/11/15/news19.html
No comments:
Post a Comment