ගම්පොල - සුරංග දිල්හාන්
නාවලපිටිය ගොරකඔය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සිට ව්‍යාජ බලපත්‍ර සකසා ප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කිලෝ පන්දහසක් පමණ නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කසළ තේවලට ඉමහත් ප්‍රසිද්ධියක් ඇති උඩුනුවර දවුලගල ප්‍රදේශයට මෙම කසළ තේ තොගය ගෙනයමින් තිබියදී එම ලොරි රථය සමඟ සැකකරුවන් සිව්දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවක නිරතව සිටින නාවලපිටිය පොලිස් ස්‌ථානාධිපති උදය වික්‍රමසේකර මහතා නිවාඩුවකට නාවලපිටිය පොලිසියට පැමිණ සිටියදී ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් කණ්‌ඩායමක් යොදවා දිවා කාලයේ සිට මඟ රැක සිට මෙම කසළ තේ රැගත් ලොරි රථය අල්ලාගෙන තිබේ.
පොලිස් නිලධාරීන් දැක ලොරි රථය වේගයෙන් පලායැමට උත්සාහ කරද්දී නාවලපිටිය මල්ලන්ද පාලම අසලදී ජීප් රථ හරස් කොට ඔවුන් අල්ලා ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ ලොරි රථය හා කසළ තේ තොගය නාවලපිටිය මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පොල කොට්‌ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන් ප්‍රනාන්දු, ස.පො.අ. බී. විමලදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිssටිය පොලිස් ස්‌ථානාධිපති උදය වික්‍රමසේකර, උ.පො.ප. සම්පත්, පො.සැ. (27139) ජයසේකර, පො.කො. (7112) හේරත්, පො.කො. සම්පත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
http://www.divaina.com/2011/11/15/provin01.html
No comments:
Post a Comment