හංවැල්ල සමුහ ධර්මසිරි විජේරත්න
ඉකුත් 16 වෙනිදා දහවල් වග, තුම්මෝදර රන්මුදුඇල්ල පාලම හරහා පැමිණි දළ සහිත දැවැන්ත වල්ඌරකු එම පාලම අසලදී ගැබිනි මවකට පහර දී ඉන් අනතුරුව තුම්මෝදර මාතෘ හා ළමා සායනය පැවැත්වෙමින් තිබූ මධ්‍යම බෙහෙත් ශාලා පරිශ්‍රයට කඩා වැදීම නිසා මහත් කලබගෑනියක් හටගෙන තිබේ. ඉතා රෞද්‍ර පෙනුමකින් යුත් හැඩි දැඩි වල් ඌරා දැකීමෙන් කලබලයට පත්වූ කාන්තාවන් හා ළමුන් බෙහෙත් ශාලා භූමියෙන් ඉවත්වීමට තැත්කරද්දී සායනයට පැමිණ සිිටි කාන්තාවක් ද උගේ පහරකෑමට ලක්වී ඇත.
ඒ අවස්ථාවේදී බියෙන් ඇලලී ගොස් සිටි කාන්තාවන් සහ ළමුන් බෙහෙත් ශාලාව තුළට ගෙන දොරවල් වසා දැමීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් කටයුතු කර ඇත. ටික වෙලාවක් එහි රැඳී සිටි වල්ඌරා කළුඅග්ගල ලබුගම මාර්ගයට පැනීමේදී යතුරුපැදියක ගැටීමෙන් වියරු වැටී එම මාර්ගය දිගේ දඹොර දෙසට දුවද්දී මහමඟ ගමන් කළ තවත් තිදෙනෙකුට පහරදීමට උත්සාහ කර ඇත.
ඉන් අනතුරුව ඌ යළිත් මහවනයට ඇතුළු වී තිබේ. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ තුම්මෝදර මධ්‍යම බෙහෙත් ශාලාව භාර වෛද්‍ය නිලධාරිනි කේ. ඒ. ඉන්ද්‍රානී මහත්මිය බෙහෙත් ශාලා භූමියේදී පහර කෑමෙන් තුවාල ලත් කාන්තාව අවිස්සාවේල්ල මුලික රෝහලට යොමු කිරීමටත් වල්ඌරාගේ පහරදීමෙන් උඩුකුරුව බිම ඇද වැටුණු ගැබිනි මවට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී ඇය කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට ඇතුළත් කිරීමටත් පියවරගෙන තිබේ.
http://www.dinamina.lk/2011/11/19/_art.asp?fn=n11111912
No comments:
Post a Comment