ඒමන්ති මාරඹේ
රජයේ රෝහල්වලට බෙදාහැර ඇති තත්ත්වයෙන් බාල බෙහෙත් පිළිබඳ මාතෘකාව සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ නැවත සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ පසුගිය සති අන්තයේදී කළුබෝවිල ශික්‍ෂණ රෝහලෙන් මැස්‌සකු අඩංගු එන්නත් දියර කුප්පියක් හා කොළඹ ජාතික රෝහලෙන් වීදුරු කටු අඩංගු එන්නත් දියර කුප්පියක් සොයාගැනීමත් සමගිනි. මැස්‌සකු සිටි ආසාදනයන් සඳහා ලබාදෙන "ක්‌ලොක්‌සසිලින්" නමැති ප්‍රතිජීවක එන්නත් දියර කුප්පියක් කළුබෝවිල ශික්‍ෂණ රෝහලෙන් සොයා ගැනුණු අතර කොළඹ ජාතික රෝහලෙන් ද වීදුරු කටු අඩංගු µaලුකැනසෝල් අයි වී නමැති ප්‍රතිජීවක එන්නත් දියර කුප්පියක් සොයා ගැනිණි. එයද ආසාදනයන් සඳහා ලබාදෙන එන්නත් කුප්පියකි.
මෙම අපද්‍රව්‍ය සහිත එන්නත් දියර කුප්පි සොයා ගැනීමත් සමග ම ඒවා වැඩිදුර පරීක්‍ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව පාලන ඒකක රසායනාගාරය වෙත යෑවීමට පියවර ගැනිණි.
එහෙත් කොළඹ ජාතික රෝහලෙන් සොයා ගැනුණු වීදුරු කටු සහිත එන්නත් දියර කුප්පිය අයත් කාණ්‌ඩයේ සියලු එන්නත් කුප්පි තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්ත ද කළුබෝවිල රෝහලෙන් සොයාගත් එන්නත් කුප්පිය අයත් කාණ්‌ඩයේ එන්නත් කුප්පි ඒ අවස්‌ථාවේම භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන නොතිබිණි.
මෙය එන්නත් දියර කුප්පිවල තිබී අපද්‍රව්‍ය හමු වූ ප්‍රථම අවස්‌ථාව නොවේ. මෙයට පෙරද දිවයින පුරා රජයේ රෝහල්වල භාවිත කරමින් තිබූ එන්නත් දියර කුප්පිවල තිබී වීදුරු කටු, හිස කෙස් ඇතුළු අපද්‍රව්‍ය සොයාගෙන තිබිණි. එහෙත් ඒවා සොයාගත් විටදී එම එන්නත් කුප්පි මෙරටට ගෙන්වීමට දායක වූ ඉන්දීය බෙහෙත් සමාගම් අසාදු ලේඛනයට (බ්ලැක් ලිස්‌ට්) ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්ත ද පසුව ඉහළ බලපෑම් මත එම බෙහෙත් සමාගම්වලට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට එම බලධාරීහුම පියවර ගත්හ.
මෙය සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි. රෝගීන්ට රජයේ රෝහල් හරහා නොමිලයේ ලබාදෙන බෙහෙත් ටික හෝ අපද්‍රව්‍ය රහිතව ඔවුන් අතට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි නම් නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව අනවශ්‍ය අයුරින් අඬබෙර ගැසීම කිසිදු ඵලක් නොවන ක්‍රියාවක් බව අපගේ හැඟීමයි.
Read full article: http://www.divaina.com/2011/11/19/feature01.html
No comments:
Post a Comment