විජිතා ලියනගේ - පානදුර
තැඹිලි ගෙඩියක් පානය කර කෝම්බය ප්‍රධාන මාවතකට විසිකරන ලද කාන්තාවක් අත්අඩංගුවට ගත් පානදුර පොලිස් පරිසර අංශයේ නිලධාරීන් ඇය පානදුර අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අනතුරුව පානදුර මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා රුපියල් 2,500 ක දඩයක් ඇයට නියම කරන ලදී. දඩ නියමවූයේ පානදුර කෝවිලවත්තේ ශ්‍රියාලතා විතානගේ යන අයටය.
ඇය තැඹිලි ගොඩියක් බී පානදුර කෙළින් වීදිය දක්‌වා ඇති විඡේසූරිය මාවතේ කානුවක් අසලට තැඹිලි කෝම්බයක් විසි කරනු දුටු පොලිස් නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පරිසරය දූෂණය කිරීම, ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩකඩ සැලසීම, කානු අවහිරවී වතුර බැසයැමට බාධා සිදුවීම මෙවන් වැරැදි ක්‍රියා නිසා සිදුවන බවට පොලිස් පරිසර අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. වසන්ත අභයරත්න මහතා අධිකරණයට කරුණු දක්‌වමින් කියා සිටියේය.
http://www.divaina.com/2011/11/03/news17.html
මේ දඩුවම ආදර්ශයකි
ReplyDelete