Thursday, November 3, 2011

ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ ජීවිතය රැක ගැනීමට පශු වෛද්‍යවරු දැඩි සටනක

සීගිරිය - සරත් එරමිණිගම්මන

කැකිරාව ප්‍රදේශය කැළඹූ "ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ" දිවිබේරා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් සිව්දෙනෙකු හා නිලධාරීන් 32 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ ජීවිත අවදානම සහ ධාරානිපාත වර්ෂාව ද නොතකා ප්‍රතිකාර සේවා සිදුකරති.

ඇතාගේ සිරුරේ පවතින බහුවිධ තුවාල ආසාදනයට ලක්‌වීම හේතුවෙන් දැඩි ආසාධනයට පත්ව සිටින බවත්, එම තත්ත්වය තුළ ඇතා නිර්වින්දනය කර හෝ නිදි ගන්වා ප්‍රතිකාර කිරීම ජීවිත අවදානම තීව්‍ර කරන්නක්‌ බවත් පෙන්වා දෙන වෛද්‍යවරු ඇතා ආසන්නයට ගොස්‌ ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම, ආලේප කිරීම හා වේදනා නාශක ලබාදීම සිදු කරති. මේ වනවිට ඇතා ආහාර හා ජලය ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති හේතුවෙන් ජීවිත අවදානමකට ලක්‌ව ඇති බවත්, පැණි කොමඩු හා වට්‌ටක්‌කා ආදී ආහාර ක්‍රමයෙන් ගැනීමට සලස්‌වා ඇති බවත් වෛද්‍යවරු පවසති.

වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පශූ වෛද්‍ය තාරක ප්‍රසාද්, පශු වෛද්‍යවරුන් වන විජිත පෙරේරා, චන්දන ජයසිංහ, ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු සෙසු කාර්ය මණ්‌ඩලය කැකිරාව උඩගොල්ලෑව ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක කඳවුරු බැඳ ප්‍රතිකාර සේවාවක්‌ සිදු කරති

http://www.divaina.com/2011/11/03/news12.html

No comments:

Post a Comment