Tuesday, November 8, 2011

රථ වාහන නීති කඩන්නන් මුදලට බේරා යවන නිලධාරීන්ට වැඩ වරදී

විජයානි එදිරිසිංහ

රථ වාහන නීති කඩන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔවුන්ගෙන් මුදල් ලබා ගන්නා රථවාහන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් කණ්ඩායම් යොදවා තිබේ.

කොළඹ ප්‍රදේ්ශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ මෙහෙයුම මත මෙම පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි.

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල දිවා රාත්‍රි දෙකෙහි දීම මේ පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. රථ වාහන වැරදි කරන, මාර්ග නීති අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රථ වාහන පොලිස් නිලධාරීන්ට තදින්ම උපදෙස් දී තිබේ. කිසිම හේතුවක් මත වැරදිවලට හසුවූ පුද්ගලයන් නිදහස් කළ නොහැකි ය.

එවැනි උපදෙස් ලබා දී තිබියදී ඇතැම් රථ වාහන පොලිස් නිලධාරීන් වැරදි කළ පුද්ගලයන් ගෙන් මුදල් ලබාගෙන ඔවුන් නිදහස් කරන බව හෙළි වී ඇත. මෙවැනි නිලධාරීන් පිළිබඳ පොලිසියට විශාල වශයෙන් තොරතුරු ලැබී ඇත.

ඔවුන් කවුදැයි හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම පිණිස මේ මෙහෙයුම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි.


http://www.dinamina.lk/2011/11/08/_art.asp?fn=n1111089

No comments:

Post a Comment