සීගිරිය - සරත් එරමිණිගම්මන
ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ ජීවිතය බේරාගැනීමට දිවා රාත්‍රි උරදුන් වනජීවී වෛද්‍යවරුන්ට සහ සහාය දැක්‌වූ නිලධාරීන් ඇගයීමේ උත්සවයක් වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 13 වැනි දින පෙ. ව. 9.30 ට කලාවැව වැව් රක්‍ෂිතයේදී පැවැත්වෙන බව අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ඩී. රත්නායක මහතා පවසයි.
ඉකුත් මස 28 හා 29 වැනි දින කැකිරාව සහ ගල්කිරියගම ප්‍රදේශවලදී ජන ජීවිතය අවුල් කරමින් සැරිසැරූ ඇතා. වාහනවලට පහරදීමෙන් සහ වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව කලාවැව රක්‍ෂිතයේ සිටියදී පශු වෛද්‍යවරුන් සිව් දෙනකු හා වන අලි ඇල්ලීමේ ඒකකයේ නිලධාරීන් 30 ක් සහභාගි වී ඇතා නිර්වින්දනය නොකර මහත් පරිශ්‍රමයක් දරා ජීවිත අවදානමද නොතකා ප්‍රතිකාර කිරීමෙන් පසු මේ වන විට සුවය ලබා ඇතින්නියකගේ සෙනෙහස සමගින් ගල්ගමුව රක්‍ෂිතයට පියමං කරමින් සිටියි. ඊයේ (9 වැනිදා) දිනය වන විටත් ඇතා වනජීවී නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සිටින අතර සද්දන්තයින් අතර සුවිශේෂ ඇතකු නිසා වෛද්‍යවරුන් දැක්‌වූ සේවා කැපවීම මෙසේ ඇගයීමට ලක්‌වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/11/10/news19.html
No comments:
Post a Comment