දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුව දළ පූට්‌ටුවා යළි සුපුරුදු දින චර්යාවන්ට අවතීර්ණව ඇති බව පවසන වෛද්‍යවරයා ඇතා කලාවැව රක්‍ෂිතයට පැමිණි ගමන් මාර්ගය ඔස්‌සේ යළි ගල්ගමුව රක්‍ෂිතයට යනු ඇතැයි අපේක්‍ෂා කරන බවද පැවැසීය. ඊයේ (7 දා) පස්‌වරුව වන විට අලුත් බළලුවැව රක්‍ෂිතයේ ගල්කිරියාගම, හිඟුරුවැල්පිටිය දෙසින් ඇතා නිරීක්‍ෂණය කළ බවත් එතැනින් රැස්‌වෙහෙරටත් ඉන්පසු ඇතාගේ සුපුරුදු වාසභූමිය වන ගල්ගමුව රක්‍ෂිතයට තවත් දින කීපයකින් ඇතුළුවනු ඇති බවත්, ඇතාට කණවැල ඇල්ලීම සඳහා නාඹර ඇතින්නියක් මුණගැසී ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2011/11/08/news13.html
Wish this tusker will be able to roam freely in his home range in future...
ReplyDeleteClose monitoring will be necessary as it is a tusker!