කන්දකැටිය - ජී. චතුරංග සහ රිදීමාලියෑද්ද වාර්තාකාරිනි
වල් අලි තර්ජනයට විරෝධය පාමින් හා අදාළ අංශ දැනුවත් කිරීම සඳහා උද්ඝෝෂණයක් ඊයේ (9 දා) දින බ/මාපාකඩ වැව බණ්‌ඩාරනායක මහා විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වුණි.
එම ගම්මානවලට දිගින් දිගටම එල්ලවන වල් අලි තර්ජනවලට විසඳුම් ලබාදීමට කිසිවකුත් කටයුතු නොකිරීමට විරෝධය දක්‌වමින් ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
අපි මැරුවොත් 75000 කි. අලි මැරුවොත් දඩය ලක්‌ෂ 25 යි. "අලි වගා පාලුවට වන්දි දෙනු" අපේ ජීවිත අනතුරේ. දෙන්නෙක් බිලිගත්තා. ගජ මිතුරෝ නිදි. අලි උවදුරට ස්‌ථිර විසඳුම් දෙනු ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කළ උද්ඝෝෂකයෝ බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බිම වැතිරිව උද්ඝෝෂනයේ යෙදුනහ.
අදහස් දැක්‌වූ පහර ගම්මන ෂිවහුඩීන් මහතා කියා සිටියේ පසුගිය මාසයේ කිරි දරුවෙකුගෙ මවක් අලි පාගා මරා දැම්මා. ඒ දරුවාට මුදල් දුන්නත් අම්මගෙ කිරි ටික කාටවත් දෙන්න බෑ. අපේ ගමෙන් එක් සහෝදරයෙක් මරා දැමුවා. මේ මිනිසුන්ගේ ජීවිත මුදලින් මනින්න බෑ. වහාම අපිට මේ ප්‍රශ්නයට ස්‌ථිර විසඳුමක් දෙන්න කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිsටිනවා.
මෙහිදී උද්ඝෝෂකයෝ බිබිල මහියංගන ප්‍රධාන පාර හරස්‌කොට බිම වැතිර ගනිමින් උද්ඝෝෂණය සිදු කළහ. මේ හේතුවෙන් වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
මෙම අවස්‌ථාවේදී මහියංගන ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේසුන්දර මහතා ද පැමිණ උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර මධ්‍යම ප්‍රදේශය භාර වන ජීවී අධ්‍යක්‍ෂ ජී. වයි. සාරංග මහතා උද්ඝෝෂකයන්ට පොරොන්දු වූයේ මාසයක් ඉක්‌ම යැමට ප්‍රථම මහියංගන ප්‍රදේශයේ සැරිසරන සියලුම අලින් මාදුරුඔය වනෝද්‍යානයට පන්නා දමන බවයි.
http://www.divaina.com/2011/11/10/provin05.html
No comments:
Post a Comment