මිල නංවන්නේ නෑ! වසරක් තුළ ලිට්‍රොa ගෑස් කෝටි 150 ක් ලාභ ලබයි
අකිත පෙරේරා
ලංකා ෂෙල් ගෑස් සමාගම රජයට පවරා ගැනීමෙන් පසුව ලිට්‍රොa ගෑස් නමින් ක්‍රියාත්මක වූ ගත වූ වසර තුළ එම සමාගම රුපියල් කෝටි 150 ක පමණ ලාභයක් ලබා තිබේ.
වියදම් පාලනය කිරීම තුළින් අදාළ ලාභය ලැබූ බවද ලාභ ලැබීමේ වර්ධනය 12% ක් බවද ලිට්‍රොa ගෑස් සමාගමේ සභාපති ගාමිණී සෙනරත් මහතා "දිවයින" ට ඊයේ (15දා) පැවසීය.
ෂෙල් ගෑස් සමාගම රජයට පවරාගෙන ඊයේ (15දා) දිනයට වසරක් ගත වූ බවත් එය පවරා ගැනීමෙන් වෙළෙඳ පොළේ ගෑස් මිල පාලනය කිරීමට හැකි වූ බවත් සභාපතිවරයා ලිට්‍රොa ගෑස් මිල වැඩි කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද කීය.
ගත වූ වසර තුළ සමාගම නව ගොඩනැඟිල්ලකට පිවිසි බවද කෙරවලපිටිය සහ මාබිම පිහිටි සමාගම් වැඩ බිම්ද නවීකරණය කිරීමට හැකියාව ලැබූ බවද හෙතෙම සඳහන් කළේය.
එම කාලය තුළ අලුතින් සේවකයින් බඳවා නොගත් බවද කී ගාමිණී සෙනරත් මහතා වියදම් අඩු කිරීම තුළින් සමාගම ලාභ උපයා ඇතැයිද වැඩිදුරටත් කියා සිටියේය.
http://www.divaina.com/2011/11/16/news04.html
ලාෆ් ගෑස් රු. 53 කින් වැඩි කිරීමට ඉල්ලයි
අකිත පෙරේරා
ලාෆ් ගෑස් මිල රුපියල් 53 කින් ඉහළ දමන්නැයි එහි පාලනාධිකාරිය විසින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ලිත ඉල්ලීමක් සිදු කර ඇත.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය මෙතෙක් අවධානය යොමු කර නැතැයිද ලිට්‍රොa ගෑස් සමාගම මිල වැඩි වීමක් ඉල්ලා නැතැයිද පාරිභෝගික හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.
http://www.divaina.com/2011/11/16/news03.html
No comments:
Post a Comment