මැදකොළඹ සමූහ වයිමන් හෙට්ටිආරච්චි
පැයක් දෙකක් තදින් වැස්සොත් කොළඹ නගරයේ මාර්ග යටවී ගමනාගමනයට සිදුවන අවහිර පිළිබඳව අසන්නට ලැබෙන්නේ කලක සිටය. ඊටත් ඔබ්බට යමින් නිවාස 198 කින් සමන්විත ජනපදයකට වැසි ජලය පිරී එහි වැසියන් විදින දුකක් ගැන කියැවෙන කතාවකි මේ.දෙමටගොඩ මන්සන්ධියට යාබද දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමෙන් නිවාස වතුකම්කරුවන් සඳහා වන ලයින් කාමර ආකාරයට සැදුනු ඒවාය. එය ක්‍රමයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අය පවුල් පිටින් ජීවත්වන ජනාවාසයක් වී තිබේ.
මූලික පහසුකම් පවා නැති මෙම සමහර නිවාසවල අඹුදරුවන් පස් හය දෙනා වශයෙන් ජීවත් වෙති. ක්‍රමවත්ව ජලය බැස යාම සිදු නොවේ. වැඩිවිය පැමිණි ගැහැණු ළමයින්ද තුන් හතර දෙනා බැගින් එකට ගුලිවී ජීවත්වන අන්දම අතිශයින් කනගාටුදායකය. එම්. එච්. එම්. ෆවුසි මහතා ප්‍රවාහන ඇමැතිව සිටියදී මෙහි මහල් නිවාස ක්‍රමයක් ඇරඹිණි. එක් වසරකට නිවාස 08 බැගින් 1999 වන විට නිවාස 24 ක් ඉදි කර ලැයින් නිවාසවල පදිංචිව සිටි අයට අනුක්‍රමයෙන් මහල් නිවාස සැපයිණි.
අවසන් වරට ඉදිවූ මහල් නිවාස 8 බෙදා දීමේදී මෙම අනුක්‍රමය වෙනස්කොට සමහර නිලධාරීන්ගේ උවමනාව පිට තම හිතවතුන්ට ඉන් කීපයක් බෙදා දීමට උත්සාහ කිරීමත් ඊට එරෙහිව ඊළඟට සුදුසුකම් ඇති අය විරෝධය පෑමත් නිසා අවුරුද්දකට කිට්ටු කාලයක් ඒවා බෙදා නොදී වසා දමා තිබේ.
ගෙයක් ඇතුළෙන් ජල කාණුව ගලා යන නිවාස පේළියක්.
ඡායාරූප මැදකොළඹ සමූහ
ඉදිකළ මහල් නිවාස
http://www.dinamina.lk/2011/11/16/_art.asp?fn=r1111164
No comments:
Post a Comment