කෑගල්ල සමූහ පී. එම්. පී. පොල්වත්ත
වසරේ ගතවූ මාස 10 ඇතුළත දී කෑගල්ල දිස්ත්‍රික්කයේ මිල පාලන නිති උල්ලංඝනය කළ වෙළෙඳුන්ට මහේස්ත්‍රාත් අධිකරණ වලදී දඩ ගසා ඇති දඩ මුදල රුපියල් 44,20000ක් පමණ වෙයි. කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් කරන ලද වැටලීම් වලදී වෙළෙඳුන් 1137 දෙනෙක් අල්ලා ගෙන ඇත.මෙම වෙළෙඳුන්ට විරුද්ධව කෑගල්ල, මාවනැල්ල රුවන්වැල්ල, වරකාපොළ, අවිස්සාවේල්ල යන මහේස්ත්‍රාත් අධිකරණවල මේ නඩු පවරා තිබුණි.
සිමෙන්ති වැඩි මිලට විකිණීම, භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය නොකිරීම, කල්ගත වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම ආදි චෝදනා මත නඩු පවරා තිබුණි. මෙම වෙළෙඳුන් අල්ලා ගෙන ඇත්තේ කෑගල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, හෙට්ටිමුල්ල, මාවනැල්ල, අරණායක, රුවන්වැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකිනි.පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට මහජනතාවගෙන් දිනපතා පැමිණිලි ලැබෙන බවය.
http://www.dinamina.lk/2011/11/16/_art.asp?fn=r1111162
No comments:
Post a Comment