Wednesday, November 16, 2011

ශි‍්‍ර ලංකාවේ එච්. අයි. වී ආසාදිතයන් ඉහළට

සන්ධ්‍යා කරුණාරත්න

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදි එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය වැලඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. මේ වන විට එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය වැලඳුණු රෝගීන් 1431 දෙනකු වාර්තා වී ඇති බව එම වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ වසරේදි තුන් වැනි කාර්තුවේ පමණක් රෝගීන් 43 දෙනකු වාර්තා වී ඇතැයි ද ඒ අනුව පසුගිය මාස නවය තුළ රෝගීන් 114 දෙනකු වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවැසුවේය. එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය වැලඳුණු රෝගීන් 1431 දෙනාගෙන් 844 දෙනකු පුරුෂයින් බවත් 587 දෙනකු කාන්තාවන් බවත් හෙතෙම කීය.

බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම නිසා මෙසේ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද වෛද්‍ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ රෝගය වසංගතයක් දක්වා පැතිර යාමට පෙර ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කර රෝගය වැලඳීමෙන් මුදා ගත යුතු යැයි ද ඔහු පැවැසුවේය.


http://www.dinamina.lk/2011/11/16/_art.asp?fn=n11111612

No comments:

Post a Comment