Monday, November 7, 2011

Price Control for drugs - (4 items)

සියලුම ඖෂධ සඳහා පාලන මිලක්‌ නියම වේ 
- පෞද්ගලික ඔසුසල්වල ගසා කෑමට එරෙහි පියවරක්‌
- ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

අජිත් අලහකෝන්

මෙරට අලෙවි කරන සෑම ඖෂධයක්‌ සඳහාම පාලන මිලක්‌ නියම කිරීම සඳහා ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) "දිවයින"ට කීය.

මෙම මිල පාලනය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බවද කී ඇමැතිවරයා 2002 වසර දක්‌වා ශ්‍රී ලංකාවේ ඖෂධ සඳහා මිල පාලනයක්‌ තිබූ නමුත් එවක පැවැති එ.ජා.ප. රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා විසින් විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ මගින් ඖෂධ මිල පාලනය අහෝසි කළ බවද කීය.

වසර දහයකට පසුව යළිත් ඖෂධ මිල පාලනය කිරීම ක්‍රියාත්මක කරනුයේ, පෞද්ගලික ඔසුසැල් අත්තනෝමතික ලෙස එකම ඖෂධ වර්ගය විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ජනතාවගෙන් ලද පැමිණිලි නිසා බවද ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

සත දාහතරකට අලෙවි කළ හැකි පැරසිටමෝල් පෙත්තක්‌... පෞද්ගලික ඔසුසල් විවිධ මිල ගණන් යටතේ සහ විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කරන බව කී ඇමැතිවරයා මේ ආකාරයට ජනතාව ගසාකෑමට වෙළෙඳුන්ට ඉඩදී තවදුරටත් බලා සිටිය නොහැකි බවද කීය.

ඇතැම් පෞද්ගලික ඔසුසල්වල මිල අඩු ඖෂධය ඇතත් එය නැති බව පවසමින් මිල අධික ඖෂධය රෝගීන්ට ලබාදෙන බව කී ඇමැතිවරයා මීට වසර දහයකට පෙර ඖෂධ මිල පාලනය ඉවත් කළේ මහජනතාවට ඖෂධ වර්ග තෝරා ගැනීම තුළින් සාධාරණත්වයක්‌ ඉටුකර දීමට වුවද එම අරමුණ සාර්ථක වී නැතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

එම නිසා ලබන වසරේ සිට සෑම ඖෂධ වර්ගයක්‌ම වෙළෙඳපොළේ එකම මිලකට ලබාගැනීමට ජනතාවට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


Courtesy - http://www.divaina.com/2011/11/07/news02.html


ඖෂධ මිල පාලනයක්
- බෙහෙත් පෙත්තෙන් ගසා කෑම නවතී
- මිල සූත්‍රයකට ජනපති උපදෙස්


විජයානි එදිරිසිංහ, සන්ධ්‍යා කරුණාරත්න සහ රක්ෂණ ශි‍්‍රයන්ත

ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් පාලන මිලක් නියම කොට ලබන වසරේ සිට වෙළෙඳ පොළට ඖෂධ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ලබන වසරේ මැද පමණ වන විට විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඖෂධ සඳහා පාලන මිලක් නියම කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඖෂධ වෙළෙඳ පොළේ අලෙවි කිරීමේදී මිල සූත්‍රය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබා දී තිබේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පාරිභෝගික අධිකාරිය හරහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇත. පසුගිය වසර හත, අටක කාලය තුළ ඖෂධ සඳහා පාලන මිලක් නියම කරන ලෙස මහජනතාව කළ ඉල්ලීම ද සලකා බලමින් මෙවැනි තීරණයක් ගත් බව ඇමැතිවරයා කීය.

මීට පෙර ඖෂධ සම්බන්ධයෙන් පාලන මිලක් පැවැතිය ද 2002 වසරේදී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය ගැසට් නිවේදනයක් මඟින් ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් පැවැති නීති සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

එසේ මිල පාලනය ඉවත් කිරීමත් සමඟ එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට ඔසුසල් පියවර ගෙන ඇත.උදාහරණයක් වශයෙන් ශත 14ට අලෙවි කළ හැකි පැරසිටමෝල් පෙත්ත විවිධ නම් යටතේ වැඩි මිලකට අලෙවි කරති.

මෙසේ මිල පාලනයක් ඇති කිරීමත් සමඟ ගුණාත්මක බවෙන් අඩු ඖෂධ වෙළෙඳ පොළට පැමිණිය හැකි බව ඇතැමුන්ගේ අදහස වුවත් එවැනි තත්ත්වයකට ඉඩ නොතබන බවත් වෙළෙඳ පොළේ ඖෂධ සුපරීක්ෂණය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඔසුසලකින් ඖෂධ මිල දී ගැනීමට ඇතැම් වෛද්‍යවරු මිල අඩු ඖෂධ වර්ග ලියා දුන්නත් වැඩි මිල ගණන් යටතේ පවතින ඖෂධ වර්ග පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට ඔසුසල් හිමියන් කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවැසුවේය.මේ ක්‍රමය වෙනස් කරමින් සාධාරණ මිලක් යටතේ ඖෂධ අලෙවි කිරීමට මේ මඟින් හැකියාව ලැබෙන බව ද ඇමැතිවරයා පැවැසීය.


Courtesy - http://www.dinamina.lk/2011/11/07/_art.asp?fn=n1111071


Controlled prices for drugs from 2012 – Health Minister
National Drug Policy will be a reality



By Ravi Ladduwahetty

The proposed National Drug Policy would be implemented next year and one of the benefits accruing to the people from it would be controlled price of drugs, Health Minister Maithripala Sirisena said last night.

He told The Island that the Draft Bill for the National Drug Policy would be presented to Parliament in January.

Minister Sirisena said that drugs had been under price control earlier but the UNP-led United National Front government (2001-2003) had abolished the system through a special gazette.

Explaining why the need had arisen for a national drug policy and controlling the prices after a lapse of ten years, the Minister said private pharmacies were effecting arbitrary increases in drug prices much to the detriment of the public interest. There had been numerous complaints from patients to him that the same drug was being marketed at various prices at different pharmacies, the Health Minister said.

He said pharmacies should not be allowed to sell basic drugs such as paracetamol under various brand names at various inflated prices. He said a paracetamol tablet should not be priced above 14 cents.

Minister Sirisena said some pharmacies cheated patients by claiming that the cheaper versions of vital drugs they asked for were unavailable and offering expensive branded drugs instead.

After the passage of the National Drug Policy Bill, controls on the pricing of pharmaceuticals would come into effect enabling patients to obtain drugs at reasonable prices without being fleeced, the Minister said.

Courtesy - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=38528


Price formula for pharmaceutical drugs


Irangika RANGE

President Mahinda Rajapaksa has advised Co-operatives and Internal Trade Minister Johnston Fernando to get the Consumer Affairs Authority (CAA) to prepare a price formula for pharmaceutical drugs.

The price formula will contain the retail prices and wholesale prices of drugs. The decision to impose a price control on drugs was made after considering the complaints submitted by the general public, Minister Fernando said. According to the price formula, maximum retail prices will be stipulated on drugs and their prices revised periodically based on a cost study. Prices of all medicines are directly controlled through the formula.

Even though a price control had existed until 2001, it was removed by the then ruling United National Party government through a special Gazette notification.

“As a result, drug retailers were able to set prices according to their preferences. The prices of drugs have been skyrocketing and the ordinary man is unable to afford these prices. That is why a price formula for drugs would be prepared with a view to providing relief to the common man,” the minister added.

Courtesy - http://www.dailynews.lk/2011/11/07/news02.asp

1 comment:

  1. විවිධ ඔසු වර්ග මිල දී ගැනීමේ දි වංචාවලට හා අකටයුතුකම්වලට ලක්වූවන් බොහෝ ය. මේ නිසා උක්ත පියවර ඉතා වැදගත් හා කාලීන වූ පියවරක් ලෙස දකිමි.

    ReplyDelete