කුරුණෑගල සම්බන්ධීකරණ කමිටුවේදී වයඹ මහ ඇමැති කියයි
දොඩම්ගස්‌ලන්ද - ඩබ්. එ. ජයසේකර
කුලියාපිටිය ප්‍රදේශයට විශාල පරිසර හානියක් සිදු කෙරෙමින් පවත්වාගෙන යන නීති විරෝධී වැලි ජාවාරම් සඳහා පතල් හා කැණීම් කාර්යාංශයේ නිලධාරීන් මුදල් ලබාගෙන බලපත්‍ර ලබාදී ඇති බවට වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විඡේසිංහ මහතා මෙවර කුරුණෑගල දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී චෝදනා කළේය.
කුලියාපිටිය ඔස්‌සේ ගලා බසිනා දංඩගමුව ඔයේ වැලි ගොඩදැමීම හේතුවෙන් ඔයේ ඉවුරු සහ අමුණු ගැලවී විනාශයට පත්වී විශාල පරිසර හානියක් මේ වන විට සිදුව ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා එවැනි විනාශයක් සිදුවෙද්දී පවා එA ගැන අවධානයක් යොමු නොකර පතල් කාර්යාංශය තව තවත් බලපත්‍ර නිකුත් කිරීම බරපතළ වරදක් බවද කීය.
මේ චෝදනාවට පිළිතුරු දෙමින් පතල් හා කැණීම් කාර්යාංශයේ කුරුණෑගල දිස්‌ත්‍රික් නිලධාරියා කියා සිටියේ විශේෂ ව්‍යාපෘති සඳහා පමණක් එසේ බලපත්‍ර ලබාදී ඇති බවය. මුදල් ලබාගෙන නීති විරෝධී ආකාරයට බලපත්‍ර ලබාදුන් බවට කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවය. බලපත්‍ර ලබාදීමෙන් පසුව මාස තුනක කාලයකට පමණක් වැලි ගොඩදැමීම අධීක්‍ෂණය කරන බව පැවසූ එම නිලධාරියා සේවයට ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිවීම ගැටලුවක් වී ඇති බවද ප්‍රකාශ කළේය.
දංඩගමුව ඔය විනාශ කිරීම විශේෂ ව්‍යාපෘතියක්‌දැයි විමසූ ප්‍රධාන අමාත්‍යවරයා පොලිසියට පැමිණිලි කර මේ විනාශය නවත්වන බවද නීති විරෝධී කටයුතුවලට අනුබලදීම හේතුවෙන් මීට පෙර කුරුණෑගල දිස්‌ත්‍රික් පතල් හා කැණීම් කාර්යාංශය භාර නිලධාරියාට බන්ධනාගාරගත වීමට පවා සිදුවූ බවද පෙන්වා දුන්නේය.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු සහ වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විඡේසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්‌විය.
http://www.divaina.com/2011/11/08/provin02.html
No comments:
Post a Comment