Tuesday, November 8, 2011

හිංසාකාරී ලෙස ලොරි තුනකින් මී ගවයින් ගෙන ගිය 9 දෙනකුට ඇප

බලපත් දුන් තණමල්විල ප්‍රාදේශීය ලේකම්ට නොතීසි

දිඹුලාගල - ප්‍රසන්න සිල්වා

හිංසාකාරී අයුරින් මී ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථ 03 ක්‌ පසුගිය 04 වැනිදා රාත්‍රියේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට ලක්‌විය. තණමල්විල සිට මාදුරුඔය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළදී අත්අඩංගුවට පත් ලොරි රථය සහ 09 දෙනකුගෙන් යුත් පිරිස දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්‌ පුද්ගලයකු රු.ලක්‌ෂය බැගින් වූ ඇප මත නිදහස්‌ කරන ලදී.

එමෙන්ම මෙම මී ගවයින් නැවත තණමල්විල ප්‍රදේශයට ගෙන ගොස්‌ මුදා හරින ලෙස නියෝග කළ අධිකරණය මී ගව ප්‍රවාහනයට බලපත්‍ර දුන් තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයාට නොතිSසි නිකුත් කළේය. මාදුරුඔය උද්‍යාන භාරකරු ඒ. ආර්. ටී. රවීන්ද්‍ර කුමාර, අඩවි සහකාර එස්‌. පී.ජී. ලයනල්, වනසත්ව නියාමකවරුන් වන ජනක, ශානුක, චතුරංග යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබිණි.


http://www.divaina.com/2011/11/08/news16.html

No comments:

Post a Comment