Tuesday, November 8, 2011

ඩෙංගු අවදානම් කලාපවල මාස 9 ක්‌ තුළ මදුරු කීට ඝනත්වය පස්‌ ගුණයකින් නගී

ඒමන්ති මාරඹේ

ඉකුත් පෙබරවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්‌වා ගතවූ මාස නවයක කාලයේදී දිවයිනේ ඩෙංගු අවදානම් කලාපවල ඩෙංගු මදුරු කීටයන්ගේ ඝනත්වය පහළොස්‌ ගුණයේ සිට විසි ගුණයක්‌ දක්‌වාවූ ප්‍රමාණයකින් වැඩිවී ඇති බව නවතම කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉකුත් ජුනි මාසයේ සිට නොවැම්බර් දක්‌වා කාලය තුළ මෙම ඩෙංගු මදුරු කීට ඝනත්වය පස්‌ ගුණයකින් පමණ වැඩිවී ඇතැයි පෙන්වා දෙන එම සංගමය, කඩුවෙල, කොළොන්නාව, මහරගම, මහනුවර, ගම්පහ ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්‌ඨාස ගණනාවක ඩෙංගු මදුරු කීට ඝනත්වය එය මැන බැලීමේ දර්ශකය වන බ්‍රෙටවු (ඊරුඑeaම) දර්ශකයේ 25 ට ආසන්න අගයක්‌ වැනි ඉහළ අගයක්‌ පවතින බව සඳහන් කරයි.

එම දර්ශකයෙහි සාමාන්‍ය අගයක්‌ ලෙස සැලකෙනුයේ ඩෙංගු මදුරු කීට ඝනත්වය පහකට අඩු සංඛ්‍යාවක්‌ වාර්තා වූ විටදීය.

අදාළ ප්‍රදේශවල ඉකුත් පෙබරවාරි මාසයේදී පැවැති ඩෙංගු මදුරු කීට ඝනත්වය වූයේ පහක්‌ වන අතර එය ජුනි මාසය වන විට විසිපහකට ආසන්න සංඛ්‍යාවක්‌ දක්‌වාද ඉහළ ගොස්‌ ඇතැයි සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

මෙසේ මදුරු කීට ඝනත්වය වැඩිවී ඇති ප්‍රදේශවල ඩෙංගු මදුරු කීටයන් වැඩි වශයෙන් බෝවී පවතිනුයේ නිසි පරිදි ආවරණය නොකළ හෝ භාවිතයෙන් ඉවත් කරනු ලබන ටයර්, පොලිතින්, ඉවතලන යෝගට්‌/අයිස්‌ ක්‍රීම් කෝප්ප, ජලය රැඳී පවතින පත්‍රිකා සහිත නිවෙස්‌වල අලංකාරය සඳහා තබා ගන්නා පැළ යනාදියෙහි බව එම ප්‍රකාශකයා කීවේය.

මෙම තත්ත්වය මත ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමේ වැඩපිළිවෙළ තවත් ශක්‌තිමත් කරමින් නිරතුරුව ඩෙංගු මදුරු කීටයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක්‌ දීප ව්‍යාප්ත මට්‌ටමින් ක්‍රියාත්මක නොවුවහොත් එළැඹෙන දෙසැම්බර්, ජනවාරි කාලයේ හට ගන්නා මෝසම් වැසි සමග ඩෙංගු මදුරු කීට ඝනත්වය තවත් ඉහළ යනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2011/11/08/news06.html

No comments:

Post a Comment