Wednesday, April 18, 2012

ලංවිම හදිසි වැටලීම්වලින් මාර්තු මාසයේ ලක්‍ෂ 213 දඩ ආදායමක්‌

ලසිත දුමින්ද

ලංකා විදුලිබල මණ්‌ඩලයේ හදිසි වැටලීම් අංශය මාර්තු මස පමණක්‌ දිවයින පුරා කළ වැටලීම්වලින් රුපියල් ලක්‌ෂ 213 කට අධික මුදලක්‌ රජයට අයකර ගෙන ඇත.

එහිදී මීටර් වෙනස්‌ කිරීම්, කොකු භාවිත කිරීම් ඇතුළු අයථා ලෙස විදුලිය පරිහරණය කරන්නන් හයසිය අනූදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වංචා සහගත ලෙස විදුලිය පරිහරණය කිරීම් දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත්, එසේ කරන අයවළුන් පිළිබඳ තොරතුරු 0112422259 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.


http://www.divaina.com/2012/04/18/news25.html

No comments:

Post a Comment