Wednesday, April 18, 2012

අධික වැසි සමග දඹුල්ලේ ජල ගැලීම්

දඹුල්ල පහළව ගම අවට හදිසි ආපදා කලාපයක්‌

සීගිරිය - සරත් එරමිණිගම්මන

දඹුල්ල සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග දඹුල්ල නගරයේ ස්‌ථාන කීපයක පැවැති සුළු ජල ගැලීම් හේතුවෙන් නිවාස හතක්‌ හා වගා බිම් අක්‌කර විශාල ප්‍රමාණයක්‌ ජලයෙන් යටවී හානියට පත්ව ඇත.



තම්මැන්නා ඇළේ ජල පහර වැඩිවීම හේතුවෙන් සම්පත්වත්ත අසල ඇති පාලම කැඩී ගොස්‌ උළු කැලේ වැව, හබරත්තාවල, ගල්මැටියාව, නවගස්‌හින්න, බෙලිගමුව සහ ආනකටාව ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

පහළ වැව ගම්මානයේ ඇති පාලම අසල ඇළ මාර්ගය අවහිර වී තිබීම නිසා පාලම කැඩී යැමේ අවදානමක්‌ මතුව ඇති බව ගම්වාසීහු පෙන්වා දෙති. එම ගම්මානයේ නිවාස හා වගා බිම් ජලයෙන් යටවී ඇත.

දඹුල්ල පහළව ගම්මානය අවට ප්‍රදේශ හදිසි ආපදා කලාපයක්‌ ලෙසට ඊයේ (17 වැනිදා) පස්‌වරුවේ සිට පත්කොට ඇත.

එම ප්‍රදේශයේ පාලම සහ වැව කැඩී යැමේ අවදානමක්‌ පවතින බවට වාරි ඉංජිනේරුවන් නිගමනය කිරීම නිසා මෙම තීරණය ගත් බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්‌ෂ්මි හේවාපතිරණ මෙනෙවිය "දිවයින"ට පැවැසුවාය.

මෙහි අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව මාතලේ දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.


http://www.divaina.com/2012/04/18/news04.html

No comments:

Post a Comment