Wednesday, April 18, 2012

කතරගම ඉල්ලම් පස්‌ සොරකමේ සැකකරුවන්ට ඇප

කතරගම තම්මැන්නාවේ මැණික්‌ ඉඩම් තුළ ඉල්ලම් සොරකමේ නිරත වී සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත සිර භාරයට පත්කර සිටි නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනාට තිස්‌සමහාරාම අධිකරණය මගින් ඊයේ (17 දා) ඇප ලබාදෙන ලදී.

මුදලින් රුපියල් 3000 ක්‌ සහ රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප මත ඇමැති ආරක්‍ෂකයන් දෙදෙනාත් මැණික්‌ ස්‌වර්ණාභරණ අධිකාරියේ රියෑදුරු හා මුරකරු ද බුත්තල ව්‍යාපාරිකයා ද මුදාහැරීමට තිස්‌සමහාරාම දිසා විනිසුරු සංජීව රම්‍යකුමාර මහතා නියෝග කළේය.

නැවත මෙම සැකකරුවන්ට ජුලි 17 වැනි දින තිස්‌සමහාරාම අධිකරණයේ පෙනී සිටින ලෙස දිසා විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.


http://www.divaina.com/2012/04/18/news05.html

No comments:

Post a Comment