Wednesday, April 18, 2012

ළමා අපයෝජන වැළැක්‌වීමට ළමා ආරක්‍ෂක අධිකාරිය සිවිල් සංවිධාන සමග එක්‌වෙයි

තුෂාරී කළුබෝවිල

ළමා අපයෝජන වැළැක්‌වීම සඳහා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සිවිල් සංවිධාන සමඟ එක්‌ව ක්‍රියා කිරීමට තීරණය කර ඇත.

ග්‍රාමීය මට්‌ටමින් ක්‍රියාත්මක වන ළමා සමාජ, යෞවන සමාජ, කාන්තා සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු ප්‍රාදේශීය සිවිල් සංවිධාන සමඟ එක්‌ව ළමා අපයෝජන සිදුවිය හැකි අවදානම් හා අනාරක්‍ෂිත පවුල් හඳුනා ගැනීම මූලික වශයෙන් සිදුකෙරෙන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි පී. මාරඹගේ මහතා "දිවයින"ට පැවසීය.

විශේෂයෙන්ම මව විදේශගතව සිටින පවුල්හි සිටින දරුවන්, මවගේ රැකවරණය අහිමි දරුවන්, ළමා නිවාසවල හා වෙනත් භාරකරුවන් යටතේ සිටින දරුවන් මව සමග වෙළෙදාම් කටයුතු වැනි දැ සඳහා දායක වන දරුවන්, සිඟමනේ යෙදෙන දරුවන් පිළිබඳ තොරතුරු මේ අනුව සොයා බලන බව ඒ මහතා කීවේය.

එවැනි අනාරක්‍ෂිත දරුවන්ට රැකවරණය සැලසීමට අවශ්‍ය පියවර ඒ අනුව ගන්නා බව පැවසූ ඒ මහතා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය හා සිවිල් සංවිධාන අතර සම්බන්ධීකරණ වැඩ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මැයි මාසයේ සිට ආරම්භ කරන බවද වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2012/04/18/news23.html

No comments:

Post a Comment