Wednesday, April 4, 2012

මාස හතරක්‌ තුළ අධිවේගී පාරේ ආදායම කෝටි 30 ත් පනී

ප්‍රියදර්ශන ලියනගේ

මාස හතරක්‌ වැනි කෙටිකාලයක්‌ තුළ දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 30 කට අධික වාර්තාගත ආදායමක්‌ උපයාගැනීමට රජය සමත්වී ඇතැයි වරාය සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින"ට ඊයේ (03 වැනිදා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මේ වනවිට දවසකට රථවාහන 7,000 - 8,000 ක්‌ පමණ ගමන් කරනවා. මෙම රථවාහන වලින් 90% - 95% ක්‌ මෝටර් රථ, වෑන් සහ ජීප් රථයි.

ඒ වගේම කන්ටේනර් වැනි බර වාහනත් සුළු ප්‍රමාණයක්‌ ගමන් කරනවා. මේ නිසා දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මාසයක ආදායම අද රුපියල් මිලියන 75 - 80 ප්‍රමාණයකින් ඉහළගොස්‌ තිබෙනවා.

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේදී ආපදාවන්ට ලක්‌වන වාහන මාර්ගයෙන් ඉවත් කිරීමට දැන් අපි රුපියල් දෙදහස්‌ පන්සියයක්‌ අයකරනවා. මේ නිසා ආපදාවන්ට ලක්‌වන වාහන ප්‍රමාණයත් දැන් අඩුවී ගෙන යනවා.

සිංහල අලුත් අවුරුදු කාලය තුළ රථවාහන විශාල ප්‍රමාණයක්‌ දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය හරහා ගමන් කරයි කියලා බලාපොරොත්තුවෙනවා.


http://www.divaina.com/2012/04/04/news16.html

No comments:

Post a Comment