Wednesday, April 4, 2012

කොළඹ-කටුනායක දුම්රිය පාර ගුවන්තොටුපළ තෙක්‌ දිගු කෙරේ

අකිත පෙරේරා

කොළඹ - කටුනායක අතර ඉදිකෙරෙන දුම්රිය මාර්ගය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්‌වා දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිතා කරනු ලබන දෙස්‌ විදෙස්‌ මගීන්ගේ පහසුව පිණිස මේ දුම්රිය මාර්ගය ගුවන් තොටුපොළ දක්‌වා දීර්ඝ කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවැසීය.

ඒ සඳහා රුපියල් මිලියන 30 ක පමණ මුදලක්‌ වැය වෙන අතර ආකර්ෂණීය ලෙස එම ගුවන්තොටුපොළ තෙක්‌ දුම්රිය ස්‌ථානය ඉදිකිරීම සඳහා තවත් රුපියල් මිලියන 40 ක්‌ වැයවෙනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වනවිට එම ද්විත්ව දුම්රිය මාර්ගය සීදුව දක්‌වා ඉදිකර ඇති අතර ගුවන්තොටුපොළ පරිශ්‍රය ආසන්නයෙහි පිහිටුවෙන දුම්රිය ස්‌ථානයේ ඉදිකිරීම් සම්බන්ධව ගුවන්තොටුපොළ සැළසුම් අංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් සකස්‌ කර ඇති බව ද හෙතෙම කීය.

මේ ඉදිකිරිම් කඩිනම් කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතාට සහ නිලධාරීන්ට උපදෙස්‌ දුන් බව ද කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2012/04/04/news14.html

No comments:

Post a Comment