Friday, April 6, 2012

වෘත්තීය සටන තීරණයට පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලබන 9 වැනිදා රැස්‌වෙති

ඒමන්ති මාරඹේ

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවා ඉල්ලීම් සඳහා මෙතෙක්‌ විසඳුම් ලබා නොදීමට එරෙහිව ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ විධායක කමිටුව ලබන සඳුදා (9 දා) රැස්‌වන බව එම බල මණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින"ට පැවැසීය.

සිය සේවා ඉල්ලීම් 10 ක්‌ සඳහා ඊයේ (05 දා) වන විට විසඳුම් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සඳුදා රැස්‌වී ඉදිරි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පිළිබඳව තීරණයක්‌ ගන්නා බව ජයසේකර මහතා කීවේය.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් විසින් සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කර ගෙන ඉකුත් මාර්තු 13 දා සිට 21 දා දක්‌වා දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක නිරත වූ අතර කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයක්‌ මත එම වර්ජනය 22 දා උදැසන අත්හිටුවනු ලැබීය.


http://www.divaina.com/2012/04/06/news13.html

No comments:

Post a Comment