Tuesday, April 17, 2012

කණු සිටුවා රැහැන් ඇද මාස 9 යි - අඹගහමඩිත්ත හා මහල කොටුවට තවම විදුලිය නැහැ

රත්තොට එච්. රිචඩ් ද සිල්වා

ලග්ගල, උඩසියපත්තුව පෙදෙසට අයත් දඹගහමඩිත්ත හා මගලකොටුව ගමමැද පාර යන ප්‍රදේශවලට විදුලිය ලබාදීම සඳහා කණු සිටුවා විදුලි රැහැන් ඇද මාස නවයක්‌ (09) පමණ ගත වී ඇතත් මේ වනතුරු එම ප්‍රදේශවලට විදුලිය ලබා නොදුන් බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය ජූලි මස පමණ මේ ව්‍යාපෘතියේ කටයුතු ඇරඹි අතර එය කරගෙන යද්දී දෙසැම්බර් මස මුලදී ඒ හරහා විදුලිය ලබාදෙන බව දේශපාලකයන් පැවසීම නිසා ඉහත ප්‍රදේශවල අය කඩිමුඩියේ තම නිවාස වයරින් කර ගත්තත් මේ වනතුරු දෙනවයි කියූ විදුලිය නොලැබුණ බව ප්‍රදේශවාසීහු පවසති.


http://www.divaina.com/2012/04/17/provin06.html

No comments:

Post a Comment