Tuesday, April 17, 2012

අම්පාරේ වාරි කටයුතු සංවර්ධනයට

සම්න්තුර - නූර් එම්.ෆුවාඩ්

අම්පාර දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය ලේකම් වසම් රැසක වාරිමාර්ග කටයුතු සංවර්ධනය කිරීමේ කටයුතු අරඹා ඇත. මේ නිසා සමෘද්ධිලාභීන් හටද රැකියා හිමිවීමේ අවස්‌ථා උදාවී ඇත. පසුගිය වර්ෂවල ප්‍රදේශයේ සිදුවූ ගංවතුර හේතුවෙන් වාරිමාර්ග ඇළවල් හා කුඩා වැව් ආදිය හානියට පත්විණි. ඒවා ප්‍රතිසංස්‌කරණ කටයුතු දැනට සිදු කෙරේ.

ප්‍රතිසංස්‌කරණය කළ වැව්වල මිරිදිය මසුන් ඇති කිරීමේ ව්‍යාපෘතියද ආරම්භ කර ඇත. වැව්වලින් වී ගොවීන්ගේ වගාව සඳහා ජලය සැපයීමද සිදුකරන අතරම මිරිදිය මසුන් ඇතිකර මිරිදිය ධීවරයන්ගේ රැකියා පහසුකම්ද නැංවීමට පියවර ගෙන ඇත. මිරිදිය මත්ස්‍ය පැටවුන් චීන රටින් ආනයනය කර වැව්වලට මුදාහැර ඇත.

තවද නැගෙනහිර වෙරළ ප්‍රදේශයට පසුගිය සමයේ සිදුවූ සුනාමි හේතුවෙන් කලපුවල තැන්පත් වූ ගොඩනැඟිලි සුන්බුන් කලපුවෙන් ගොඩ ගැනීමේ කටයුතුද ආරම්භකොට ඇත. මිරිදිය ධීවරයන්ගේ ධීවර කර්මාන්තය නැංවීමට අවශ්‍ය සියලු වැඩ කටයුතූ සිදු කෙරෙමින් පවතී. එම සියලු වැඩ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යාධාර ජෙයිකා ආයතනය මගින් සලසා දී ඇත.


http://www.divaina.com/2012/04/17/provin01.html

No comments:

Post a Comment