Tuesday, April 17, 2012

භූ කම්පා වැඩි වූ බවට කිසිම සාධකයක් නැහැ

- ආචාර්ය එස්.පී.විජයානන්ද

ශීලා උඩුවර සහ උපාලි කරුණාරත්න

අතීතයේ සිදුවූවාට වඩා වර්තමානයේ භූමිකම්පා, ගිනිකඳු පිපිරීම්, සුනාමි තත්ත්වයන් ඇති වන බවට කිසිදු සාධකයක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එස්.පී. විජයානන්ද මහතා පැවසීය.

වර්තමානයේ පවතින දියුණු සන්නිවේදන ක්‍රමවේදයන් හේතුවෙන් ඒවා පිළිබඳ ජනතාව වැඩි වශයෙන් දැනගන්නා බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

පෘථිවියේ භූ තැටි මායිම් අසල නිරන්තරව භූමිකම්පා සිදුවන බව ප්‍රකාශ කළ ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා පසුගිය දා මුහුදු පත්ලේ ඇති වූ භූමිකම්පාව ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලට නොදැනුණේ එම ප්‍රදේශවල පවතින පාෂාණ වර්ග අනුව බවද පැවසීය.

සුනාමි තත්ත්වයන් පිළිබඳ කලින් දැනුම් දිය හැකි වුවත් භූමිකම්පාවක් පිළිබඳ එසේ දැනුම් දිය නොහැකි බවද භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයේ සභාපතිවරයා “දිනමිණ” ට පැවසීය.


http://www.dinamina.lk/2012/04/17/_art.asp?fn=n1204179

No comments:

Post a Comment