Tuesday, April 17, 2012

ඒකාබද්ධ බලශක්‌ති සංරක්‌ෂණ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කළ යුතුයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

රටේ බලශක්‌ති සංරක්‌ෂණය සඳහා විවිධ පියවර ගෙන තිබුණද, බලශක්‌ති මිල නියම කිරීම, බදු ප්‍රතිපත්තිය හා පොදු ප්‍රවාහන ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධවූ බලශක්‌ති සංරක්‌ෂණ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කළ යුතු යෑයි මහ බැංකුව පවසයි.

ඉහළ යන ජාත්‍යන්තර මිල ගණන්, අඩු පිරිවැය විදුලි උත්පාදන ධාරිතාව සීමා වීම හා ආර්ථිකයේ බලශක්‌ති අවශ්‍යතාව ඉහළ යැම හමුවේ, බලශක්‌ති සංරක්‌ෂණය සඳහා දරන උත්සාහය වැඩි කළ යුතු බව ද මහ බැංකුව කියයි.

මේ අතර අඩු පිරිවැය පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් ධෛර්යමත් කිරීමට ද කටයුතු කළ යුතු අතර එය ඉහළ ජාත්‍යන්තර තෙල් මිල ගණන් හේතුවෙන් ආර්ථිකයට ඇතිවිය හැකි බාධා අඩුකිරීමට හේතු වනු ඇතැයි ද මහ බැංකුව කියයි. පසුගියදා නිකුත් වූ මහ බැංකුවේ නවතම වාර්තාව (2011) මගින් මේ බව අවධාරණය කර ඇත.


http://www.divaina.com/2012/04/17/news22.html

No comments:

Post a Comment