Tuesday, April 17, 2012

තේ කර්මාන්තයට අභියෝග රැසක්‌

- මහ බැංකුව

ශ්‍යාම් නුවන් ගනේවත්ත

සාම්ප්‍රදායිකව විදේශ විනිමය උපයන ප්‍රදාන අංගයක්‌ වන තේ කර්මාන්තය දේශීව සහ ජාත්‍යන්තරව පැන නැගී ඇති ගැටලු නිසා අභියෝග රැසකට මුහුණ පා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ (2011) සඳහන් වේ.

පසෙහි සාරවත් බව අඩුවීම තේ ගස්‌ බොහෝ පැරැණි ඒවා වීම හා තේ නැවත වගාව ප්‍රමාද වීම හේතුවෙන් ලෝකයේ තේ අලෙවි කරන සෙසු තරගකරුවන් හා සස¹ බලන කළ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායිතාව බොහෝ අඩු මට්‌ටමක පවතින බවද මහ බැංකු වාර්තාව අවධාරණය කරයි.

වතු සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩිවීම, තෙල් මිල ගණන් ඉහළ යැම, තේ ඇසුරුම් සඳා ගන්නා ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යැම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළයැම ද තේ නිෂ්පාදකයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු අතර වන බව මහ බැංකු වාර්තාවේ සඳහන්ය.

එසේම මැදපෙරදිග රටවල දේශපාලන නොසන්සුන්තාද අපේ තේ අලෙවියට අහිතකර ලෙස බලපා තිබේ. මේ නිසා නව වෙළෙඳපොළවල් සොයා ගැනීම, පර්යේෂණ සඳහා අයෝජනය කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව වැඩපිළිවෙළවල් තුළින් පිරිසිදු ශ්‍රී ලාංකීය තේ සඳහා විභවතාවක්‌ ඇති වෙළෙඳපොළවල පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා මහා පරිමාණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් බවද බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන්ය.


http://www.divaina.com/2012/04/17/news20.html

No comments:

Post a Comment