Tuesday, April 17, 2012

පනාමුරේ ගල් බොකු ඔය වැවේ සොරොව්ව බිඳේ !


ඇඹිලිපිටියේ පනාමුර සුදුගල ගල්බොකුඔය වැවේ සොරොව්ව ඊයේ රාතිS්‍ර කැඩීගොස්‌ තිබේ. මේ නිසා වැව් බැම්ම පාමුල සිටින පවුල් 100 ක්‌ පමණ අවදානම් තත්ත්වයක පසුවෙති. ඊයේ (16 දා) දහවල් වනතුරු වාරිමාර්ග ඉංජිනේරුවෝ එම ස්‌ථානයට පැමිණි නොසිටියහ. මීට වසරකට පෙර රුපියල් එක්‌කෝටි හැත්තෑ හතර ලක්‍ෂයක වියදමින් වැව ප්‍රතිසංස්‌කරණය කළද මෙලෙස බැම්ම කැඩීයැම ප්‍රතිසංස්‌කරණවල ප්‍රමිතියෙන් තොර තත්ත්වය පෙන්නුම් කිරීමක්‌ බව තතුදත් අංශ පෙන්වා දෙති. 
ඕමල්පේ - ප්‍රගීත් ජනක

http://www.divaina.com/2012/04/17/news08.html

No comments:

Post a Comment