ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට 14 ක (14%) රක්‍ෂිත වනාන්තර ප්‍රමාණයක භාරකාරත්වය දරන්නේ වනජීවී සංරක්‍ෂණ දොපර්තමේන්තුවයි. එසේම මෙරට වන සතුන් හා ශාක (වනජීවීන්)වල සංරක්‍ෂණය හා නීතිමය ආරක්‍ෂාව භාරව කටයුතු කරන්නේද එම දෙපාර්තමේන්තුවයි. එහෙත් මේ වනවිට මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ තනතුර පවතින්නේ පුරප්පාඩුවක් ලෙසිනි. එම පුරප්පාඩුව පවතින්නේ සතියක, දෙකක කාලයක සිට නොවේ. ඊට වසරකටත් ආසන්නව පවතී. හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙනත් තනතුරකට මාරුකර යවා ඇති අතර මේ දක්‌වා මෙම අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයේ වැඩආවරණය කරනු ලබන්නේ දෙපාර්තමේන්තුව අයත් වනජීවී සහ ගොවිජනසේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනි. වන හා වන සත්ව අපරාධ දරුණු ලෙස වර්ධනය වී ඇති මෙවන් මොහොතක වනජීවී දෙපාර්තමේන්තුවට නිත්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු පත් නොකරන්නේ ඊට සුදුසු "විද්‍යාත්මක ශ්‍රේණියේ" නිලධාරියකු මේ රටේ නොමැති නිසාදැයි පරිසර ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුට අද ඇති ප්‍රශ්නයයි. සාමාන්‍යයෙන් මෙවන් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගෙන් හිස්‌වන තනතුරක් සඳහා එම දෙපාර්තමේන්තුවේම කනිෂ්ඨයකු වැඩ ආවරණය (වැඩබලන) කිරීම සඳහා පත්කිරීම සම්ප්‍රදායය වුවද, මෙහිදී එවැන්නක් සිදු නොවී අමාත්‍ය ලේකම්වරයා විසින්ම දිගින් දිගටම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ වැඩ ආවරණය කිරීම අද වනජීවී ක්‍ෂේත්‍රයේ ගැටලු රැසක් මතුවීමට හේතු සාධක වී තිබේ. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) වරයා මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම (විද්‍යාත්මක සේවයේ) නිලධාරියා නිසා සාමාන්‍යයෙන් ඔහු වැඩබලන අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වීම් ලැබිය යුතු වන අතර බොහෝවිට ඔහු අධ්‍යක්‍ෂ ජනරාල් (නිත්‍ය) තනතුරටද සුදුසුකම් ලබයි. එහෙත් මේ වනතෙක් මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා හෝ පුරප්පාඩු තනතුරේ වැඩබැලීම සඳහාවත් පත් නොකර අමාත්‍යාංශ ලේකම්වරයා වැඩබලන්නේ කුමක් සඳහාද යන්න මහත් ගැටලු වක්‌ව පවතී. මෙවන් සැකසංකා මතුව ඇත්තේ ඉකුත්දා වැඩබලන වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් "නීති විරෝධී" ලෙස ආයෝජන මණ්‌ඩලය වෙත නිකුත් කර තිබූ "අවසර පත්‍රයක්" නිසාය. ඒ මෙරට (වනාන්තරවලින් නොව) පෞද්ගලික ගෙවතුවලින් සපයාගෙන "කොතලහිඹුටු ශාකය අපනයනය කිරීම සඳහා කැමැත්ත පළකිරීමෙනි.
මේ අදහස් පළවූයේ ඉකුත්දා පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට එක්‌වූ ප්‍රවීණ නීතිවේදී සහ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතාගෙනි.
කොතලහිඹුටු මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක් ලෙස දේශීය වෙදකමේදී භාවිතයට ගැනෙන ශාකයක් වන අතර වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාකයක් නිසා මෙවන් වර්ගයේ ශාක විශේෂ හතරක් වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත මගින් දැඩි ලෙස සංරක්‍ෂණයට බඳුන්කර තිබේ. වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනතේ 42 වගන්තියට අනුව එහි 8 වැනි උපලේඛනයේ යම් ශාකයක් ඇතුළත් කර ඇති විටෙක එම ශාකය පනත මගින් පූර්ණ ආරක්‍ෂාවට ලක්‌වේ. කොතලහිඹුටු, හිඹුටු ඇතුළත් එවන් ශාක විශේෂ හතරක් මෙසේ නම්කර ඇති අතර එම ශාක ඉවත්කරන, උගුල්ලන, විනාශ කරන හෝ එම ශාකයට කිසිදු ආකාරයක හානියක් හෝ විනාශයක් සිදුකරන ඕනෑම අයකු වරෙන්තු නැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පනත මගින් සලසා ඇත. පනතේ "අ" "ආ" උප වගන්ති අනුව තමන්ගේ ගෙවත්තක හෝ තමන්ට අයත් ඉඩමක හෝ පෞද්ගලික ඉඩමක හෝ වැවෙන මෙවන් ආරක්‍ෂිත ශාකයකටද මෙම නීතියට අදාළ වේ.
එවන් තත්ත්වයක් තිබියදී 2012.02.23 දා තමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරන වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ ලේකම් හා වැඩබලන වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොතලහිඹුටු ඇතුළු ඖෂධ ශාක වගාකිරීම සඳහා වන Eජද- ඔeජය Cරුaඑ ඤපච්බහ (ඡඪඔ) ව්‍යාපෘතියට නමැති ශීර්ෂය යටතේ කියා සිටින්නේ 2011 ජනවාරි මස 25 දරන ආයෝජන මණ්‌ඩල ඉල්ලීම පරිදි පෞද්ගලික ඉඩම්වලින් සපයාගෙන කොතලහිඹුටු ශාක කපා ගැනීමට (අස්‌වනු නෙළාගැනීමට) අවසර ලබාදිය හැකි බවත්, එහෙත් වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සමීප අධීක්‍ෂණය යටතේ එය සිදුකිරීම කළ යුතු බවටත් දැනුම් දෙන බවයි.
එසේම ශාක සිටුවීම, අස්‌වනු නෙළීම, වියළීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීමද වන සංරක්‍ෂණ ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ සහ අවසරය පරිදි සිදුකළ යුතු බවද කියා සිටින මෙම ලිපිය මගින් වන හා වනජීවී ආඥපනත් හි නීතිමය ප්‍රතිපාදන මේ සඳහා ඉදිරිපත් කරයි.
වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නීතියෙන් බැඳී සිටින වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනතේ නීතිමය ප්‍රතිපාදන බලහත්කාරයෙන් වන සංරක්‍ෂණ ජනරාල්වරයා වෙත පවරන මෙම වැඩබලන වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තම වගකීමෙන් මිදීමට උත්සාහ දරන්නේ එම පනත මගින්ම සපයා ඇති ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමෙන් බව මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා පවසයි.
මෙම ලිපියේ දක්‌වා ඇති කරුණු පනත උල්ලංඝනය කිරීමට කරන අනුබලදීමක් යෑයි පවසන ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටින්නේ මෙවැනි අවසර ලබාදීමක් නීතිය ඉදිරියේ සදොස්, නිශ්ඵල හා බලරහිත බවයි. වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තම බලතල අභිබවායැමක් සහ නීති විරෝධී කාර්යයක නිරතවීමක් සේ මෙය හැඳින්විය හැකි බවද මෙම කොතලහිඹුටු අපනයනයට අවසර දීමේ සිද්ධිය හැඳින්විය හැකි බවද නීතිඥ ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කොතලහිඹුටු ශාකයක් (වැලක්) පරිණතවීමට අවුරුදු 10 - 20 ක්‌වත් කාලයක් ගතවේ. ඒත් ඒ වනාන්තර පාරිසරික තත්ත්වයන් යටතේය. කෘත්‍රීමව වගා කිරීමේදී කොතලහිඹුටු වගාවක පාරිසරික තත්ත්වය කෙබඳු විය යුතුව ඇතැයිද යන්නවත් කිසිවකු විසින් හෝ මෙතෙක් අධ්‍යයනය කර නොමැති බව අපගේ විශ්වාසයයි. එවන් විටෙක ඒ සඳහා විවිධ බාධක, දුෂ්කරතා සහ අවදානම දරාගත යුතුවේ. මෙසේ කොතලහිඹුටු වගාකර අපනයනයට සැරසෙන මෙවන් සමාගම් මෙම අවදානම දරා ගනීවිද යන්න ගැටලුවයි. කෙසේ හෝ මේ සැරසෙන්නේ වනාන්තරයේ ඇති කොතලහිඹුටු ශාක හෝ එහි ජාන සම්පත් එළිපිටම රට පැටවීමට බව පරිසරවේදීහු කියා සිටිති. එයට උඩගෙඩි දෙන්නේ රට තුළින්ම බිහිවීම කනගාටුවට කරුණක් බවද දේශයේ උරුමය පාවාදීම ඔවුන්ගේ අරමුණ බවද පරිසර සංගම් එකමුතුව පවසයි. ඒ නැතිව කොතලහිඹුටු වගාකිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නැති බවද පරිසරවේදීහු කියා සිටිති.
මේ අතර ඉකුත්දා මාදුරු ඔය ජාතික උද්‍යානය තුළ දඩයමේ ගොස් සිටියදී වෙඩිවැදී මියගිය නමැත්තාගේ මරණයට අදාළව මාදුරු ඔය හෙනානිගල වනජීවී අඩිවි ආරක්‍ෂක කාර්යාලයට අනුබද්ධ වනජීවී නිලධාරීන් දෙදෙනකු තවමත් බන්ධනාගාර ගතව සිටීම පිළිබඳව වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීහු තම විරෝධතාව දක්‌වති. ඒ අදාළ නිලධාරීන් දෙදෙනාට ඇප ලබාදීමට කරතිබූ ඉල්ලීමට දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය විරුද්ධත්වය ප්‍රකාශ කර සිටීම නිසාය. වනෝද්‍යානයේ ආරක්‍ෂාව පිණිස නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට වනජීවී නිලධාරීන්ට බලතල හිමිව තිබියදී ඔවුන් ඉටුකොට ඇත්තේ වනජීවී රක්‍ෂිතයක් රැකගැනීමට අදාළ එම නීති බවත්, නීති විරෝධී ලෙස රාත්‍රි කාලයේදී උද්‍යානයට ඇතුළු වී දඩයමේ හා වනජීවී නිලධාරීන්ට වෙඩි තැබීම යන සිදුවීමේදී තමන්ගේ ආත්ම ආරක්‍ෂාව පතා මෙසේ වෙඩිතැබීමට සිදුවූ බවත් වනජීවී නිලධාරීහු කියා සිටිති.
කෙසේ හෝ අද වනජීවී ක්‍ෂේත්‍ර රැකියාවන් දැලි පිහියෙන් කිරි කන ගාණට වැටී තිබේ. කතරගම දෙවියන්ගේ අඩවියේත් දඩමස් ඇත්තේ වනජීවී නිලධාරීන්ගේ වරදින් නොවේ. වස්‌ගමුව, යාල, උඩවලව, ගල්ඔය, විල්පත්තුව යනාදී මෙකී නොකී සෑම වනජීවී රක්‍ෂිත ප්‍රදේශයකින්ම පාහේ අද තොග ගාණට දඩමස් ලබාගත හැකිව තිබෙන්නේ දේශපාලකයන්ගේ, ජාවාරම්කරුවන්ගේ, නීතියට අතට ගත් නිලධාරීන්ගේ අනුහස් නිසාය. ඒ නැතිව වනජීවී සංරක්‍ෂණයේම දුර්වලතා ඒ සඳහා බල නොපායි. මස් වැද්දකු අත්අඩංගුවට ගතහොත් උන් බේරාගන්නට ඕනෑ තරම් දේශපාලකයෝ නිලධාරීහු, බලධාරීහු, ජාවාරම්කරුවෝ කප්පරක් සිටිති. අවසානයේදී අසරණ වන්නේ සොච්චම් වැටුපකට අඹුදරුවන් දමා සැතපුම් පනහ, සියය දුරකට ගොස් ජීවිතයද පරදුවට තබා ආණ්‌ඩුවේම රාජකාරිය කරන පහළම වනජීවී නිලධාරියාය. මෙවන් දැ සඳහා ඕනෑතරම් උදාහරණ ඇත. මාදුරු ඔය සිදුවීමද ඊට වැඩි වෙනසක් නැත. අද එම නිලධාරීන් සිරබත් කන්නේ රටේ නීතිය ආරක්‍ෂා කරන්නට ගොසිනි. මෙවන් තත්ත්වයක් තුළ වනජීවී ක්‍ෂේත්‍ර රැකියාව කරන්නට දෙපාරක් සිතා බලන්නට තමන්ට සිදුවන බව "වනහඬ" වනජීවී නිලධාරී සංගමය පවසයි. තමන් මීට විරෝධය පා ගිනිඅවි තම ක්‍ෂේත්‍ර මූලස්‌ථානයට (මාදුරුඔය) භාරදී ගිනිඅවි භාවිතයෙන් වැළකී කටයුතු කිරීමට ක්‍රියාකරන බවද මෙම සංගමය අනතුරු හඟවා සිටී. ගිනි අවි දරා මෙසේ රාජකාරිය ඉටුකරද්දී මෙවන් "මස්‌වැද්දන්" රටේ වනජීවී සම්පතට වින කටී නම් නිලධාරීන් ගිනි අවි භාවිතයෙන් ඉවත්වුවහොත් කොහොමට හිටීදැයි ප්‍රශ්න කිරීමට අපට සිදුවේ. අහෝ ෘ වනජීවී සංරක්‍ෂණය "මස්‌වැද්දන්ට" හා "ජාන සොරුන්ට" යට වේද?
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2012/04/01/feature12.html
No comments:
Post a Comment