Sunday, April 1, 2012

වී කරලින් බර රටට බරක්‌ වී

අන් මොන මොන දේ ගැන කවර කතා තිබුණත් දැන් මේ රට සහලින් ස්‌වයංපෝෂිත බවනම් ඇත්තය. රටට අවශ්‍ය සහල් සියල්ල අති විශාල අතිරික්‌තයක්‌ද සමග උපදවා දෙන්නට දැන් මේ රටේ ගොවියන් පොහොසත් වී අවසන්ය.

ඊට හේතු ගණනාවකි. පොහොර සහනාධාරය නිසා ගොවියා ලැබූ උත්තේජනය ප්‍රබලම හේතුවයි. දෙවැන්න පසුගිය අවුරුදු කිහිපය තුළ උතුරු නැගෙනහිර දෙපළාත යුද්ධයෙන් නිදහස්‌ වීම නිසා වී වගා කරන බිම් ප්‍රමාණය දෙගුණයකින් වැඩිවීමයි. වී වලට පසුගියදා ස්‌ථාවර මිලක්‌ ලැබී වී වලින් හොඳ අස්‌වැන්නක්‌, ආදායමක්‌ ලැබීම හේතුවෙන් ආර්ථික ප්‍රතිලාභ මත වී වගාවට තව තවත් ගොවියන් එකතු වීමද තවත් හේතුවකි. පසුගිය අවුරුදු 5 තුළ මේ අනුව ලබාගත් ක්‍රමික වර්ධනය නිසා මෙවර මහ කන්නයේ වී අස්‌වැන්න නෙළා ගත් පසු රජයේ ගණන් ඉලක්‌කම්වලට අනුව මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 18 ක වී අතිරික්‌තයක්‌ ලැබිය යුතු බව නොරහසකි. 18 කෙසේ වෙතත් අඩුම තරමින් ටොන් ලක්‍ෂ 15 ක වත් අතිරික්‌තයක්‌ ලැබෙන බව පිළිගත හැක.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ අපි මේ අති විශාල වී තොගය පරිභෝජනය කරන්නේ කෙසේද කියා ය.


Read full story: http://www.divaina.com/2012/04/01/feature13.html

No comments:

Post a Comment