Sunday, April 1, 2012

දැයට කිරුළ සුරපුර දෙස බලන්නේ තරහින්ද?



ලංකාවේ මෙතෙක්‌ ප්‍රදර්ශනයක්‌ නරඹන ලද වැඩිම ජනගංඟාව ගැලුවේ අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ භූමියටය. ඒ 2012 පෙබරවාරි මස 04 වැනිදා සිට 12 වැනි දින දක්‌වාය. මිලියන 3.5 කට අධික වූ ඒ ජනගඟ රිසිසේ මේ මහා ජාතියේ අභිමන් දැක්‌ම නැරඹුවේය. සිත් සතුටු වූයේය. අධ්‍යාපනය ලැබුවේය. දූ දරුවන් සමගින් කලකින් නොලබන අත් දැකීම් රාශියක්‌ ලැබුවේ සැබෑ ලෙස ජාතියේ ඉදිරි ගමන මේ ප්‍රදර්ශනය තුල නිවැරැදි ලෙස ගැබ්වී තිබූ බැවිණි.


දැයට කිරුළ හුදු ප්‍රදර්ශනයක්‌ නොවුනේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංවර්ධනය කැටුව ආ නිසාය. මහාමාර්ග, විදුලිය, ජලය, ග්‍රාමීය සංවර්ධනය, ඇතුළුව, ස්‌ථිර සෙවිලි වහල නොමැති 50,000 ක්‌ අනුරපුර දිසාවේ ජනතාවට ස්‌ථිර වහලක්‌ සැපයූයේ, මහා වැස්‌සට මඩ ගොහොරුවක්‌ වූ නිවාසවල විසූ නිවැසියන්ගේ සිත් සතුටු කඳුලින් පුරවමින් අහිංසක දූ දරුවන්ගේ දහසක්‌ ප්‍රාර්ථනාද මල්ඵල ගන්වමින් බව අප සිත්හි තබාගත යුතුය. මේ සියල්ල සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්ව මගපෙන්වීම යටතේ ලැබුණු මුදල රුපියල් දසලක්‍ෂ විසිදහස ඉක්‌මවූවකි. මේ සියලු ප්‍රතිලාභ ලැබුවේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වසර 30 කට අධික කාලයක්‌ යුද්ධයෙන් බැට කෑ ජනතාව බව අප මතක්‌ කර දිය යුත්තේ සමහරුන්ගේ වියවුල් සහිත දෑස්‌වලට මේ අපූර්ව රටා වියමන නොපෙනෙන බැවිනි.

Read full story: http://www.divaina.com/2012/04/01/feature11.html

No comments:

Post a Comment