Saturday, March 31, 2012

DWC officers hand over firearms (2 items)

පොලිසියට විරෝධය පා පොළොන්නරුව වනජීවී නිලධාරීහු රාජකාරී ගිනි අවි භාර දෙති

ගාමිණී ඔබේසේකර - පොළොන්නරුව විශේෂ

හෙනානිගල ආදිවාසි පුද්ගලයෙකු වෙඩි වැදී මිය යෑමේ සිද්ධියේදී දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ නිලධාරීන් වන ජීවීන් මරණ අපරාධකරුවන්ට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමට එරෙහිව මාදුරුඔය, මින්නේරිය, වස්ගමුව හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල නිලධාරීන් සිය

රාජකාරී ගිනි අවි පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ගෙනවිත් (30) ඊයේ පෙරවරුවේ භාර දුන්හ.

මේ නිලධාරීන් විසින් කාර්යාලයට ගෙනවිත් තිබූ රිපීටර් 11 පතරොම් තුවක්කු 20 ට බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් වූ අතර මේ තුවක්කු කාර්යාලයේ කාමරයක ගොඩගසා තිබූ නමුත් ඒවා ලිඛිතව භාරනොගත් බව වනජීවී කාර්යාලයේ නිලධාරියකු දිනමිණට කීය.

පසුගියදා මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළදී මිය ගිය පුද්ගලයා හමුදා ඇඳුම් හැඳ මිය ගොස් සිටි ඔහු ආදිවාසියකු බව පවසමින් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය ඒකපාක්ෂිකව පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්, මේ නිසා වනජීවී නිලධාරීන්ට සිය රාජකාරී නියමාකාරයෙන් සිදු කිරීමට නොහැකිවී ඇතැයි වනජීවී ආරක්ෂක නිලධාරීන්ගේ වනහඬ සංගමයේ ලේකම් ජී. ලයනල් මහතා පැවසීය.

මාදුරුඔය මින්නේරිය වස්ගමුව හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වල රාජකාරියේ නියුතු වනජීවී නිලධාරීන් සිය රාජකාරී ගිනි අවි පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලයට ගෙනවිත් භාරදුන් අවස්ථාව මෙහි දැක්වේ


ඡායාරූප ගාමිණි ඔබේසේකර
පොළොන්නරුව විශේෂ

http://www.dinamina.lk/2012/03/31/_art.asp?fn=n1203315


මහවැලි කලාපයේ වන නිලධාරීහු ගිනි අවි භාවිතය අත් හරිති

පොලොන්නරුව - කරුණාරත්න ගමගේ

මහවැලි වනජීවී කලාපයට අයත් ජාතික වනෝද්‍යානවල සහ ඒ අවට පිහිටි වනජීවී අඩවි හා බීට්‌ටුවල රාජකාරි කරන වනජීවී නිලධාරීහු ඊයේ (30 වැනිදා) සිට තම රාජකාරි කටයුතු කිරීමේදී රාජකාරි ගිනි අවි භාවිතය අතහැරීමට තීරණය කර තිබේ.

මේ අනුව මාදුරුඔය, වස්‌ගමුව, කවුඩුල්ල, මින්නේරිය යන ජාතික වනෝද්‍යානවල සහ ඒ අවට පිහිටි වනජීවී අඩවි හා බීට්‌ටුවල රාජකාරි කරන වනජීවී නිලධාරීහු තමන් සතු රාජකාරි ගිනි අවි මහවැලි කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයට ඊයේ (30 වැනිදා) උදේ රැගෙන ආහ.

තම කලාපයේ වනජීවී නිලධාරීන් වෙත වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති රාජකාරි ගිනිඅවි ආපසු භාර ගැනීමට තමන්ට කිසිදු උපදෙසක්‌ ලැබී නැතැයි මහවැලි කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ එච්. ඒ. සුමනසේන මහතා "දිවයින" ට පැවසීය.

එසේ වුවද වනජීවී නිලධාරීන් විසින් රැගෙන එනු ලැබූ රාජකාරී ගිනි අවි සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයට අයත් කාමරයක තැන්පත් කර තිබෙනු දක්‌නට ලැබිණි.


http://www.divaina.com/2012/03/31/news09.html

No comments:

Post a Comment