Monday, March 26, 2012

ජාතික නාමල් උයනට වසර 21 යි


ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත වසර මිලියන දසලක්‌ෂ පන්සිය පනහකට වඩා පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳු වැටිය ජාතියට හඳුන්වා දී එය ජාතිය වෙනුවෙන් සංරක්‌ෂණය කොට ආරක්‌ෂා කොට තැබීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට මෙම මස 28 වැනිදාට වසර විසි එකක්‌ (21 ක්‌) සම්පූර්ණ වෙයි.

එය නිමිතිකරගෙන මේ ජාතික මෙහෙවරට ආරම්භයේ සිට මේ මොහොත දක්‌වා උරදුන් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල සේවයේ යෙදී සිටිමින් මියගිය මාධ්‍යවේදීන්ට සහ අනිකුත් සියලු මාධ්‍යවේදීන්ටත් ජාතික නාමල් උයන ආරම්භයේ සිට වර්තමානය දක්‌වා සහාය දෙන සැමටත් සෙත් ප්‍රාර්ථනා කිරීමේ පිංකම මේ මස 28 වැනිදා සවස 7 ට ජාතික නාමල් උයනේ දී සිදුකරන බව ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.


http://www.divaina.com/2012/03/26/news17.html

No comments:

Post a Comment