Thursday, March 29, 2012

මිල්කෝ සේවකයෝ වර්ජනය නිම කරති

ශිරාන් රණසිංහ

මිල්කෝ සමාගමෙහි සභාපති, උප සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ඉවත් කර, ආයතනයේ සිදුවන වංචා දූෂණ නවතා, නිසිකලට සේවක වැටුප් ගෙවන ලෙස ඉල්ලමින් මිල්කෝ සේවකයෝ දින දෙකක්‌ තිස්‌සේ කළ වැඩවැරුම පෙරේදා (27 වැනිදා) සවස නතර කර දැමූහ.

පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එච්. ආර්. මිත්‍රපාල මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු සේවක වැඩවර්ජනය තාවකාලිකව නතර කළ බව සේවකයෝ "දිවයින" ට පැවැසූහ.

මේ වනවිට මිල්කෝ ආයතනය දිනෙන් දින වළපල්ලට යමින් තිබෙන බවත් ඊට වගකිවයුතු ප්‍රධාන නිලධාරීන් තිදෙනා වහාම ඉවත් කළ යුතුව ඇති බවත් සේවකයෝ එහිදී ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

දෙපාර්ශ්වය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පළකළ අදහස්‌ හා ඇතිකරගත් එකඟතා මත වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට සේවකයන් විසින් පියවර ගෙන ඇත.

මිල්කෝ සමාගමෙහි ඇති ප්‍රශ්න ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පොරොන්දු වූ බව ද සේවකයෝ "දිවයින" ට පැවසූහ.


http://www.divaina.com/2012/03/29/provin02.html

No comments:

Post a Comment