Tuesday, March 27, 2012

ගාල්ල-කොළඹ සැප බස්‌ ඊයේ සිට වර්ජනයේ

අකිත පෙරේරා, ලලිත් චාමින්ද - එස්‌. කේ. කළුආරච්චි

ගාල්ල සිට කොළඹ දක්‌වා ගමන් ගන්නා සුඛෝපභෝගී බස්‌ රථ ඊයේ (26 වැනිදා) දින ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත විය.

අධිවේගී මාර්ගයෙහි ගමන් ගන්නා බස්‌ රථ ද ගාල්ල බස්‌ නැවතුමෙහි නවත්වා මගීන් නංවා ගන්නා බැවින් මේ වර්ජනය ආරම්භ කළ බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා "දිවයින" ට පැවසීය.

මෙසේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්‌රථ ගාල්ල ප්‍රධාන නැවතුමෙන් මගීන් ඇතුළු කරගන්නා බැවින් ගාලු පාරේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස්‌ රථ සඳහා මගී ඉල්ලුම අඩු වී ඇතැයි ද ඒ මහතා කීය.

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන බස්‌ රථ සඳහා වෙනත් බස්‌ නැවතුම්පළක්‌ ස්‌ථාපිත කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එය මේ වනතෙක්‌ ක්‍රියාත්මක වී නැතැයිද ඒ මහතා කියා සිටියේය.

බස්‌ වර්ජනය සමග මාරාන්තික උපවාසයක්‌ ද ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව ගැමුණු විඡේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2012/03/27/news08.html

No comments:

Post a Comment