ප්‍රියදර්ශන ලියනගේ
තැපැල් කටයුතු සඳහා භාවිත කරන රුපියල් පහේ වාර්ෂික මුද්දර අලෙවිය මිලියන අටේ සිට මිලියන හතර (8-4) දක්වා 50% ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
2007, 2008, 2009 වසර වන විට සාමාන්‍ය තැපැල් කටයුතු සඳහා භාවිත කරන රුපියල් පහේ තැපැල් මුද්දර මිලියන හතක් අටක් (7-8) අතර ප්‍රමාණයක් වසරකට අලෙවි වූ අතර එම ප්‍රමාණය මේ වන විට මිලියන හතරක් පහක් දක්වා අඩුවී තිබේ.
මේ තරම් විශාල පරතරයකින් සාමාන්‍ය තැපැල් කටයුතු සඳහා භාවිත කරන මුද්දර අලෙවිය පහත වැටීම ප්‍රායෝගිකව පිළිගත නොහැකි බව පවසන මුද්දර පිළිබඳ විශේෂඥයන් මුද්දර අලෙවිය මෙතරම් විශාල ප්‍රමාණයකින් පහත වැටීමට ව්‍යාජ මුද්දර වෙළෙඳපොළට පැමිණීමද හේතුවී තිබෙන බව පැවසීය.
තැපැල් මුද්දර මුද්‍රණය කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වුවත් තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දර කාර්යාංශය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොකිරීම නිසා ව්‍යාජ තැපැල් මුද්දර මුද්‍රණය කර තැපැල් කටයුතුවලට භාවිතා කිරීමට මුද්දර ජාවාරම්කරුවන්ට අවස්ථාව සැලසී ඇත.
බාලදක්ෂ ශත සංවත්සරය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වියදමක් රහිතව මුද්දර මුද්‍රණය කිරීම මේ සඳහා දිය හැකි හොඳම නිදසුනයි.
අද මෙම මුද්දර විවිධ පුද්ගලයන් විසින් කතුරින් කපා තැපැල් කටයුතු සඳහා භාවිත කරනු ලබයි.
එමනිසා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මුද්දර මුද්‍රණය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර මුද්දරවල ආරක්ෂිත උපක්‍රම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු යෑයි මුද්දර පිළිබඳ විශේෂඥයන් සඳහන් කරයි.
http://www.divaina.com/2012/03/21/news25.html
No comments:
Post a Comment