Saturday, March 31, 2012

රෝගී අලි මවට ප්‍රතිකාර කොට පැටවා ඇත් අතුරු සෙවණට භාර දෙති

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

හඳුනාගත නොහැකි රෝගයකින් ඉතාමත් අසාධ්‍යව මොරවැව අක්‌කර 80 ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරක්‌ අසල ලඳු කැලෑවක වැටී සිටි අලි අම්මා කෙනකු හා අවු. 2 ක්‌ පමණ වයසැති අලි පැටවකු පිළිබඳ පෙරේදා (29 දා) තොරතුරු වාර්තාවීමෙන් පසු එම ස්‌ථානයට ගිය වනජීවී නිලධාරීන් මවට ප්‍රතිකාර කොට පැටවා රැගෙන පැමිණ තිබේ.

වනජීවී පශුවෛද්‍ය ඩබ්. ධර්මකීර්ති, ත්‍රිකුණාමලය හා කන්තලේ වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරීන් වන සුරේෂ් කුමාර හා රත්නායක යන මහත්වරුන් ඇතුළු වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරීහු මෙම ස්‌ථානයට ගොස්‌ අසාධ්‍යව බිම වැතිරී සිටි අලි මවට එන්නත් හා ප්‍රතිකාර ලබාදී කුඩා පැටවා රිටිගල ඇත් අතුරු සෙවණට භාරදීමට පියවර ගත්හ.

අලි පැටවා ඡායාරූපයේ වෙයි.


http://www.divaina.com/2012/03/31/provin02.html

No comments:

Post a Comment