Saturday, March 24, 2012

වී මිල ගැන සොයා බලන්න කමිටුවක්‌ පත්කරයි

වී මිල සංශෝධනය කරන ලෙස ඉල්ලමින් පොළොන්නරුවේ ගොවි ජනතාව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී කරන ලද සාකච්ඡාවකට අනුව ඊයේ (23 වැනිදා) පෙරවරුවේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කවල ව්‍යාපාරික වී ගොවීහු පිරිසක්‌ මුදල් අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ගොවි ජන සේවා අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන යන මහත්වරු හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරුන් මුණ ගැසී සාකච්ඡා කළහ.

ඒ අනුව වී මිලෙහි සංශෝධනයක්‌ සිදු කිරීම සඳහා වැඩිදුර කරුණු සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. සකලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්‌ පත්කරනු ලැබීය. මෙම කමිටුවට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්‌. සිරිසේන, ගොවිජන සේවා අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ යන මහත්වරු ද අයත් වේ.


http://www.divaina.com/2012/03/24/news23.html

No comments:

Post a Comment