Tuesday, March 27, 2012

පසුගිය සතියේ නුවරඑළියේ කැලෑ ගිනි තැබීම් 10 ක්‌

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පසුගිය සතිය තුළ පමණක්‌ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කැලෑ ගිනි තැබීම් 10 කට අධික ප්‍රමාණයක්‌ වාර්තා වී ඇති බව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්‌වන හේමවර්ධන මහතා පවසන්නේ ඇතැමුන් තම විනෝදය තකා මෙවැනි කැලෑ ගිනි තැබීම් සිදුකරන බවත් මෙයින් විශාල හානි සිදුවීමේ අවදානමක්‌ පවතින බවත්ය. මෙම තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ රක්‍ෂිත වනාන්තර, කැලෑ ආසන්නයේ පිහිටි විකාශන කුලුනු, නිවාස, ගොවිපළ හා පාසල් ආදී සියලු දේපළ වටා ගිනි වැටවල් ඉදිකර ගින්න පැතිර යැම වළක්‌වන ලෙසත් තම දේපළ ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.


http://www.divaina.com/2012/03/27/provin02.html

No comments:

Post a Comment