Tuesday, March 27, 2012

වියළි උණුසුම් කාලගුණය නිසා උස්‌ බිම් සහිත ප්‍රදේශවලට ජලය සැපයීම දුෂ්කර වේ

රනිල් ධර්මසේන

මේ දිනවල පවතින වියළි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් උස්‌බිම් සහිත ප්‍රදේශ රැසකට නළ ජල සැපයීම අපහසු වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය පවසයි.

මෙම උණුසුම් සහිත කාලගුණික තත්aත්වය හේතුවෙන් නළ ජලය සඳහා වන ඉල්ලුම ද වැඩි වී ඇති අතර මේ නිසා උස්‌බිම් සහිත ප්‍රදේශවලට නළ ජලය සැපයීම දුෂ්කර වී තිබේ. විශේෂයෙන්ම කොළඹ කළුතර ඇතුළු දිස්‌ත්‍රික්‌ක කිහිපයක මෙම තත්ත්වය දැඩිව බලපා ඇතැයි එම මණ්‌ඩලයේ නිලධාරියෙක්‌ පැවැසීය.

මේ නිසා නළ ජලය දෛනික අත්‍යවශ්‍ය පරිභෝජනයට පමණක්‌ යොදා ගන්නා ලෙස එම මණ්‌ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිති.


http://www.divaina.com/2012/03/27/news11.html

No comments:

Post a Comment