Saturday, March 24, 2012

විදුලි පණිවුඩයට අවසන් හුස්‌ම වැටේ

ප්‍රියදර්ශන ලියනගේ

තැපැල්, විදුලි පණිවුඩ සේවාව සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමට තැපැල් දෙපාර්තමේන්තුවත් තැපැල් සේවා අමාත්‍යාංශයත් තීරණය කර තිබේ. මේ සඳහා වන තීරණය තැපැල් සේවා අමාත්‍යාංශය විසින් රජයට නිල වශයෙන් මේ වන විටත් දැනුම් දී ඇති අතර රජයේ නිල අනුමැතිය ලැබුණු පසු තැපැල් විදුලි පණිවිඩ සේවාව නිල වශයෙන් නතර කිරීමට නියමිතය.

මේ පිළිබඳව තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් zzදිවයිනZZ ඊයේ (23 දා) විමසූ විට ලේකම්වරයා පැවසුවේ දිගින් දිගටම පාඩු පිට පවත්වාගෙන යැමට නොහැකි නිසා තැපැල් සේවා අමාත්‍යාංශය මෙම තීරණය ගත් බවයි. දැනට අයකරන මුදලට තැපැල් විදුලි පණිවුඩ සේවාව පවත්වා ගෙන යැම කිසිසේත්ම කළ නොහැකි බවද ඔහු පැවසීය. තැපැල් විදුලි පණිවිඩ සේවා පවත්වාගෙන යැමට නම් දැනට අයකරන මුදල රුපියල් 250 ක්‌ දක්‌වා වත් වැඩි කළ යුතු බවත් නමුත් එය ප්‍රායෝගිකව කිරීමට බැරි බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2012/03/24/news06.html

No comments:

Post a Comment