Saturday, March 31, 2012

බීජ මිරිස්‌ කිලෝ 500 ක්‌ ඉන්දියාවෙන් ගෙන්වයි

රනිල් ධර්මසේන

මිරිස්‌ භෝග නිෂ්පාදනය වැඩි කිරීමට බීජ මිරිස්‌ කිලෝ 500 ක්‌ වහාම ඉන්දියාවෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම වර්ෂයේ යල කන්නයේදී හෙක්‌ටයාර් 5000 ක්‌ හා මහ කන්නයේදී හෙක්‌ටයාර් 12000 ක මිරිස්‌ වගා කිරීමට නියමිතය. මේ සඳහා බීජ මිරිස්‌ කිලෝ 5000 ක්‌ අවශ්‍ය නමුත් දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙම ප්‍රමාණය සපුරාගත නොහැකි නිසා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් මෙම බීජ ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.

වියළි මිරිස්‌ ආනයනය කිරීමට ශ්‍රී ලංකාව රුපියල් මිලියන 5500 ක්‌ පමණ වැය කරනු ලබයි.

බීජ මිරිස්‌ තොගය ආනයනය කිරීමට ඇමැති මණ්‌ඩලයේද අනුමැතිය හිමිවී ඇති අතර එම ආනයන වියදම රුපියල් මිලියන 70 ක්‌ පමණ වේ.


http://www.divaina.com/2012/03/31/news15.html

No comments:

Post a Comment